එජාපය මහින්දගේ ආරක්ෂාව අඩු කරනැයි පැමිණිලි කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ආරක්ෂාව සහ වරප්‍රසාද අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනව...
https://www.sathhanda.com/2015/07/blog-post_426.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ආරක්ෂාව සහ වරප්‍රසාද අඩු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ අද පෙරවරුවේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.
මේ අතර අමාත්‍යවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් හැර මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව අඩු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. පසුගියදා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ජාවේදීයි මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දැනුම් දී ඇත්තේ.


Related