ඉන්දියාව හා ශ්‍රී ලංකාව, යා කිරීමට ඉන්දීය රුපියල් බිලියන 220ක්
ඉන්දියාව හා ශ්‍රී ලංකාව, රාමේෂ්වරම් හරහා යා කිරීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 220ක් වැයවන ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය රජය කටයුතු සම්පාදනය කරමින...
https://www.sathhanda.com/2015/07/220.html
එම ව්‍යෘපෘතිය සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව ආධාර කිරීමට කැමැත්ත පල කර තිබේ.
ඇමතිවරයා සදහන් කර ඇත්තේ ඉන්දීය රජය, ආසියානු කලාපයේ අසල්වැසි රාජ්‍යයන් සමග සබදතා තර කර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාවයන් ලබා දෙමින් කටයුතු කරන බවයි.
දැනට බාධක රහිතව දේශ සීමා හරහා අන්තර් ගමනා ගමන හුවමාරුව වෙනුවෙන් බංග්ලාදේශය, භූතානය, නේපාලය සමග ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කෙරෙන මාර්ග ව්‍යාපෘතිය ද ආරම්භ කිරීමට සැළසුම් සැකසෙමින් පවතී.
ඉන්දියාව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපතිවරයා සමග ද සාකච්ඡා කර ඇත. ව්‍යාපෘතිය සදහා පිරිවැය ලෙස ඉන්දීය රුපියල් බිලියන 220ක් ආයෝජනය සදහා ආසියානු සංවර්ධන බැංකුව කැමැත්තෙන් පසුවේ.
අමාත්‍යවරයා පවසන ලද්දේ දැනට ඉන්දියාව - ශ්‍රී ලංකාව අතර කිලෝමීටර් 22ක් වැනි කෙටි දුර ප්‍රමාණයක් සදහා මාර්ග පද්ධතියක් වොමැති බැවින් මේවන විට එම දුර ගමන් කිරීමට යොදා ගනු ලබන්නේ තාවකාලික පාරු සේවාවක් බවයි.
මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීම සදහා සියල්ල සැලසුම් කරගෙන යන බවත් වයාපෘතිය සම්පූර්ණ කලවිට ඉන්දියාවේ අන්තර් ආසියානු මාර්ග සහ ප්‍රවාහන ජාලයට ශ්‍රී ලංකාවද එක් කර ගත හැකි බව නිතින් ගඩ්කාරි අමාත්‍යවරයා සදහන් කර සිටියි.
යෝජිත ව්‍යාපෘතියට අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියා අතර පාලමක් ඉදිකිරීම මෙන්ම බාධාවකින් තොරව නාවික ගමනා ගමනය සිදු කළ හැකි උමං මාර්ගයකින් ද සමන්විත වනු ඇත.


Related