මම මැතිවරණයට නෑ, ස්වාධීනයි - සෝමවංස
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා තීරණය කර ඇතැයි වාර...
https://www.sathhanda.com/2015/07/blog-post_868.html
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වු සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිසක් ජනතා සේවක පක්ෂය නමින් නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබුණි.
අනතුරුව ඔවුන් ඒකාබද්ධව තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව ඉදිරි මැතිවරණයේ දී සන්ධාන ගතවීමට සැලසුම් කර තිබූ අතර එහෙත් සන්ධානගතවීමට සිටි පාර්ශවකරුවන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට තීරණය කර ඇති බැවින් සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු පිරිස මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් මැතිවරණ කාලය තුළ ස්වාධීනව කටයුතු කරමින් සිය මතවාදය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බව සෝමවංශ අමරසිංහ මහතා පැවසී ය.


Related