නීති කඩමින් හෙද නිලධාරීන් 475කට මාරුවීම්
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වයඹ පළාතේ හෙද නිලධාරීන් 475කට ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට වයඹ පළාත් ස...

https://www.sathhanda.com/2015/07/475.html
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වයඹ පළාතේ හෙද නිලධාරීන් 475කට ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ක්‍රියාකර ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
මැතිවරණ පනත අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පත්වීම්, ස්ථාන මාරුවීම්, උසස්වීම් හා වරප්‍රසාද ලබාදීම්වලින් වැළකී සිටිය යුතුය. මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා නිකුත් කළ විශේෂ චක්‍රලේඛය හරහාද ඒ බව තහවුරු කර ඇත.
මැතිවරණ නීති සාහසික ලෙස උල්ලංඝනය කරමින් කර ඇති මෙම ස්ථාන මාරුව නතර කරන ලෙස සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
දින 3ක් තුළ මෙම ස්ථාන මාරුවීම් නතර නොකළහොත් වයඹ පළාත තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රත්නප්‍රිය මහතා අවධාරණය කරයි.
Related