යෂ්මින් සුගාගේ වාර්තාවක් ඉදිරි සතියේදී!
දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලං...

https://www.sathhanda.com/2015/07/Unfinished-War.html
දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන යෂ්මින් සුගාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන සංවිධානය, ශ්‍රී ලංකාවේ සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාවක් ඉදිරි සතියේදී එළිදැක්වීමට නියමිතය.
‘An Unfinished War: Torture and Sexual Violence in Sri Lanka’ යන තේමාව යටතේ මෙම පරීක්‍ෂණ වාර්තාව එළිදැක්වීමට නියමිතය. ‘An Unfinished War: Torture and Sexual Violence in Sri Lanka 2009 – 2015’ යන තේමාව යටතේ මෙම සංවිධානය මීටපෙරත් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි තවත් අදියරක් ලෙස මෙම නව වාර්තාව සකස් කිරීමට නියමිතය. යුද්ධයට පසු, සිදුවූ වදහිංසාවන්, ලිංගික හිංසනයන් සහ ප්‍රචණ්ඩත්ව සිදුවීම් 180 ක් පිළිබඳ විස්තර මෙම වාර්තාවට ඇතුලත් කිරීමට නියමිතය.
ඒ අතරින්, පුද්ගලයන් 115 දෙනෙකුගෙන් වාචික ප්‍රකාශ ලබාගෙන ඇත. ඒ අතරින් සුදුවෑන් රථ මගින් පැහැරගෙන ගොස්, නැවත ජීවිතය බේරාගත් පුද්ගලයන්ගේ වාචික ප්‍රකාශ 100 ක් වේ. ඒ අතරින්, වදහිංසා සහ ලිංගික හිංසනයන් පිළිබඳ සිදුවීම් 08, ජනවාරි මස 08 වන දින පැවැති ජනාධිපතිවරණයෙන් පසු, සිදුවූ සිදුවීම් වේ. අනෙකුත් සිදුවීම් 14, 2014 වර්ෂයේ සිදුවූ සිදුවීම් වේ.
මෙම වාර්තාව සකස් කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ සභාපති යස්මින් සුගා, දකුණු අප්‍රිකාවේ පදිංචි මානව හිමිකම් විද්වතෙකු වන අතර, ශ්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට 2010 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් විසින් පත්කල විද්වත් කමිටුවේ කටයුතු කල පුද්ගලයෙකු වේ.
පසුගිය වාර්තාව මෙතනින් ලබා ගන්න.
පසුගිය වාර්තාව මෙතනින් ලබා ගන්න.
Related