සන්ධානයේ "අනාගතයට සහතිකයක්‌" ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය "අනාගතයට සහතිකයක්‌" යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු 8.30 ට...


එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය "අනාගතයට සහතිකයක්‌" යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු 8.30 ට හැව්ලොක්‌ටවුන් හෙන්ද්‍රි පේද්‍රිස්‌ ක්‍රීඩාංගණයේදී එළිදැක්‌වේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 28 ක නායකයන් සහ වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන 100 ක පමණ නියෝජිත පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.

සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්‌වීම සඳහා නෙළුම්පොකුණ හා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉල්ලා සිටියත් එය ලබාදීම ආණ්‌ඩුව විසින් ප්‍රතික්‌ෂේප කළ බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2155545696220400094

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item