එජාප - ද්‍රවිඩ සන්ධාන එකඟතාව වහාම රටට හෙළි කළ යුතුයි - ඩලස්‌ අලහප්පෙරුම

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉටු කර ගැනීමට ඉඩ දුන්නොත් එය රණවිරුවන් දහස්‌ ගණන් දිවි පුදා බේරා ගත් මව්බිම බන්දේසියක තබා බෙදුම්වා...

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉටු කර ගැනීමට ඉඩ දුන්නොත් එය රණවිරුවන් දහස්‌ ගණන් දිවි පුදා බේරා ගත් මව්බිම බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පරිත්‍යාග කිරීමක්‌ බව ශ්‍රීලනිප උප සභාපති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවැසීය.

දෙමළ සන්ධානය සිය දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියේදී එක්‌සත් ජාතික පක්‍ෂයත් සමග අභ්‍යන්තර කථිකාවක්‌ මගින් එකඟතාවකින් කටයුතු කරන බවත් එම එකඟතාව වහාම රටට හෙළිදරව් කළ යුතු බවත් ඒ මහතා විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරවීම, එම ප්‍රදේශ ස්‌වයං පාලනයට යටත් කිරීම, ජිනීවා වාර්තාව ක්‍රියාත්මක කරවීමට ජාත්‍යන්තරව ක්‍රියාත්මක වීම, උතුරු නැෙ`ගනහිර ප්‍රශ්නය විසඳීමට ජාත්‍යන්තරය මැදිහත් කර ගැනීම ත්‍රස්‌තවාදීන් ලෙස සිරගත කර ඇති සියලු සිරකරුවන් නිදහස්‌ කිරීමද එහි ඇතුළත් බව අලහප්පෙරුම මහතා කීය.

උතුරු නැෙ`ගනහිර පළාත් වෙන් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගත් ජාතික හෙළ උරුමයේ නායක හා දැනට එජාප ජාතික ලැයිස්‌තු අපේක්‍ෂක ඕමල්පේ සෝභිත හිමි හා එම පක්‍ෂයත් එජාපයත් අනෙකුත් සියලු පක්‍ෂත් නොබියව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන රටට සිය මතය හෙළි කළ යුතු බවද හෙතෙම පැවැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8881750345073626359

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item