ඩලස්ට තර්ජනය කලා - මහින්ද යාපා හෙලි කරයි (AUDIO)
මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනය කළොත් හෙට උදේ වන විට මරා දමන බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඊයේ (13) ගාල්ල ද...
https://www.sathhanda.com/2015/07/audio.html
මාතර දිස්ත්‍රික්කයේ දේශපාලනය කළොත් හෙට උදේ වන විට මරා දමන බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඊයේ (13) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගේට්ටුව අසලදී මරණ තර්ජනයක් එල්ල වූ බව හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පවසා ඇත.
නාමයෝජනා භාර දී පැමිණෙමින් සිටි අලහප්පෙරුම මහතාට එලෙස තර්ජනය කර පරුෂ වචනයෙන් බැන වැදී ඇත්තේ පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඉදිරිපිට බව ඔහු පැවසී ය.
මෙම තර්ජනය සිදු කර ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සමීපතමයෙකු වන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දික්කුඹුරගේ කුලවීර නමැති අය බවත් මේ පිලිබඳ පොලිසියට, දිස්ත්‍රික් ලේකම්වරියට හා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


Related