වෙබ් අඩවි හරහා අපනයනයට නීතිමය බාධාවක් නෑ

ඊ කොමර්ස් වෙබ් අඩවි හරහා ජාත්‍යන්තරයට සිදු කළ හැකි වාණිජ අපනයනයන් සඳහා ශ්‍රී ලංකාවට පැවැති සියලුම නීතිමය බාධක පෙරේදා (6) සිට ඉවත් වී ඇත. එ...

ඊ කොමර්ස් වෙබ් අඩවි හරහා ජාත්‍යන්තරයට සිදු කළ හැකි වාණිජ අපනයනයන් සඳහා ශ්‍රී ලංකාවට පැවැති සියලුම නීතිමය බාධක පෙරේදා (6) සිට ඉවත් වී ඇත. එම නිසා අමෙරිකා ඩොලර් මිලියන බිලියන ගණනින් අපනයන ආදායම් ශ්‍රී ලංකාවට ලබාගැනීමේ හැකියාව දැන් උදාවී අැත. ‍ඊට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යුත් ගනුදෙනු සම්මුතිය විසින් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව වෙබ් අඩවි හරහා ජාත්‍යන්තර අපනයන නිශ්චිතව සිදු කිරීමේ වරප්‍රසාදය හිමිකරදීම බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ නීති අධ්‍යක්ෂ නීතිඥ ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ අවස්ථාව හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාව බවත් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු නීතිය ඉතා ඉහළ මට්ටමකින් පැවතීමත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යුත් ගනුදෙනු සම්මුතියට අනුකූලව පැවතීමත් හේතුවෙන් මේ වරප්‍රසාදය අප රටට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි හරහා සිදු කෙරෙන වාණිජ අපනයන කුමන නීතියක් යටතේ සිදුවන්නේ දැයි යනුවෙන් ගැටලුවක් පැවතුණි. එම කාරණය මත ශ්‍රී ලංකාවේ වාණිජ අපනයන කටයුතු පිළිබඳ සංකීර්ණ නීතිමය කාරණා රැසක් කාලාන්තරයක් මුළුල්ලේ පැන නැගී තිබුණි. එය වෙබ් අඩවි හරහා සිදු කෙරෙන අපනයනයන්ට තර්ජනයක් වූවාසේම ශ්‍රී ලංකාවට ලැබිය යුතු අමෙරිකා ඩොලර් මිලියන ගණන් අපනයන ආදායම් ඇනහිටීමට කාරණාවක්ද වී තිබුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

ව්‍යාපාරික 9023607579597432151

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item