හිරුණිකාගේ බඩ, ඕනෙම දෙයක අන්තවාදය පිටුදකිමු. !
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවය...

https://www.sathhanda.com/2015/07/hirunika.html
හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙහිය.
එම පෝස්ටරය සඳහා හිරුණිකාගේ මංගල ඡායාරූප ඇගේ උදරය ඉස්මතු වනසේ පෙන්නුම් කෙරෙන අයුරින් යොදාගෙන තිබිණි. ඇත්තෙන්ම හිරුනිකා ගැබිනියක් වී නම් එය ඇගේ සහ ඇගේ සැමියාගේ පුද්ගලික ප්‍රශ්නයකි. ඊට දේශපාලනයක් ඈඳා ගත යුතු නැත. වැඩවසම් හර පද්ධතීන්ට නෑකම් කියනා බොහෝ දෑ ඔසවා තබමින් සිංහල බෞද්ධ නම් නියෝ හයිබ්‍රීඩ් ජාතිකත්වයක සදාචාරය ගැන කියනා උන්ට සුද්දා පැමිණිමට පෙර මෙරටේ පැවැති අශිෂ්ඨත්වයට ගැන කිසිවක් මතක නැත.
මින් පෙර පරම්පරා තුනකට හතරකට ඉහත මිනිසුන් ගැහැණුන් දරුවන් දුසිම් ගණන් හැදුවේ පොතේ අත්සන් කර නොවේ. ලිංගික සබඳතා , ලිංගික හැකියා , විවාහය හෝ දරුවන් බිහිකිරීම වැනි පෞද්ගලික කාරණා හැර දේශපාලන විවේචනයක් හෝ සොයා ගත නොහැකි තැනට මෙය නිර්මාණය කරන්නා බංකොලොත්ය.
හිරුනිකා පෙනී සිටින මතවාදය හෝ කදවුර ට පහ ගැසිය යුතු නම් එය කල යුත්තේ තාර්කික කරුණු මත වන අතර මෙවන් තුට්ටු දෙකේ වැඩ වලින් අවසනයේ මෙය නිර්මාණය කරන්නාගේ ස්වයං වින්දනය ඇර වෙනත් ඉතුරුවන දෙයක් නැත.ඔබට යමෙක් පිටුදැකිය යුතුනම් එය කල යුත්තේ සමාජ සම්මතයේ සිට මිසක් මේවන් දෙකයි පනහේ මෝඩ වැඩ වලින් නොවිය යුතුය.
මේ පෙන්නුම් කරන්නේ ඒ තුප්පහි නිර්මාණයයි.
Related