කෑම ඉල්ලා උරණ වූ පුතා මවගේ කෙස් වැටිය කපලා
තමා නිවසට පැමිණෙන අවස්‌ථාව වන විට කෑම පිළියෙල කර නොතිබීම ගැන උරණ වූ තරුණ පුතෙකු සිය මවගේ කෙස් වැටිය කපා දැමීමේ සිද්ධියක් බළන්ගොඩ ප්‍රදේශය...
https://www.sathhanda.com/2015/07/blog-post_103.html
තමා නිවසට පැමිණෙන අවස්‌ථාව වන විට කෑම පිළියෙල කර නොතිබීම ගැන උරණ වූ තරුණ පුතෙකු සිය මවගේ කෙස් වැටිය කපා දැමීමේ සිද්ධියක් බළන්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මෙම සිද්ධිය පිළිබඳව ලද පැමිණිලි අනුව සැකකාර තරුණ පුතා බළන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
බළන්ගොඩ පොලිස් ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ගයාන් ප්‍රසන්න මහතා පැවසුවේ එම තරුණයා ඊයේ 14 වැනිදා බළන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරූ බවයි.


Related