මහින්ද පරදන්න NGO වකට කෝටි 17 1/2 ක්!
මැතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරීම සඳහා යුරෝපා සංගමය මගින් මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකට රු...
https://www.sathhanda.com/2015/07/ngo-17-12.html
යුරෝපා සංගමයෙන් එන්ජීඕවකට අදාළ රාජ්‍ය නොවන සංවිධානය සමග ගිවිසුමක් ඇතිකර ගනිමින් යුරෝපා සංගමය මෙම අති විශාල මුදල ප්‍රදානය කර ඇති අතර ගිවිසුමට අනුව එම රාජ්‍ය නොවන සංවිධානය මගින් මෙම මුදල් වැයකර මැතිවරණ නිරීක්‌ෂණ කටයුතු සිදුකිරීමට ද නියමිතය.
යුරෝපා සංගමය මගින් මෙරට මැතිවරණයක් සඳහා මෙතරම් විශාල මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට ප්‍රසිද්ධියේම ලබා දුන් ප්‍රථම අවස්‌ථාව මෙය වේ.
අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳව පසුගිය රජය සමග කාලයක සිට අප්‍රසාදයෙන් කටයුතු කළ මෙම රාජ්‍ය නොවන සංවිධානයට ඉකුත් කාලයේ ජනමාධ්‍ය වැඩමුළු මුවාවෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව ජිනීවා වෙත තොරතුරු ලබාදුන් බවටද චෝදනා එල්ල වී තිබිණි.
යුරෝපා සංගමයෙන් ලද මුදලින් රටපුරා වීදි නාට්‍ය හා සම්මන්ත්‍රණ පවත්වමින් කිසියම් ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම රාජ්‍ය නොවන සංවිධානය දැනටමත් සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය සඳහා ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබෙන බවද පැවසේ.


Related