චම්පික දේශපාලන විහිළුකාරයෙක් වෙලා - ගම්මන්පිල
රනිල් වික්‍රමසිංහ මහතාට කලකදී දොන් ජුවන් ධර්මපාල යයි චෝදනා නගා දැන් ඔහු දුටුගැමුණුට ඇන්දවීමට උත්සාහ කරන යහපාලන පෙරමුණේ චම්පික රණවක මහතා...
https://www.sathhanda.com/2015/07/blog-post_109.html
රනිල් වික්‍රමසිංහ මහතාට කලකදී දොන් ජුවන් ධර්මපාල යයි චෝදනා නගා දැන් ඔහු දුටුගැමුණුට ඇන්දවීමට උත්සාහ කරන යහපාලන පෙරමුණේ චම්පික රණවක මහතා සමාජය ඉදිරියේ දේශපාලන විහිළුකාරයකු බවට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා "දිවයින"ට ඊයේ (12 දා) පැවසීය.
ජාතික හෙළ උරුමය ලෙස සිට නම වෙනස් කරගත් එක්‌සත් යහපාලන ජාතික පෙරමුණ එජාපය සමග අවබෝධතා ගිවිසුමකට ඊයේ (12 දා) අත්සන් තැබීම පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ ස්‌ථාවරය කියමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
මහබැංකු බැඳුම්කර වංචාව කෝප් වාර්තාවෙන් හෙළිවන නිසා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කළේ යෑයි චෝදනා කළ රණවක මහතා එම එජාපයට බලය ලබාදීමේ අරමුණින් සන්ධාන ගත වීම ස්‌ත්‍රී දූෂකයන් සමග එක්‌වී කාන්තා විමුක්‌ති පෙරමුණක් සෑදීමක් හා සමානයෑයි ද ගම්මන්පිල මහතා කීවේය.
සන්ධානය දෙකඩකර එජාපය බලයට ගෙන ඒමට මහින්ද රාජපක්‍ෂ පාර්ශවය කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළ රණවක මහතා දැන් සැබෑ කුමන්ත්‍රණ කරුවන් කවුද යන්න සමාජය හමුවේ ඔප්පු කර අවසන් යෑයිද ගම්මන්පිල මහතා පැවසීය.


Related