'වෙලේ සුදාටත් නාමයෝජනා ලැබෙවී'
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෙලේ සුදා නිදහස්ව සිටියා නම් ඔහුට වුවද නාමයෝජනා ලබාදීම මෙරට දේශපාලන පක්ෂවලට එතරම් ගැටලූවක් නො...
https://www.sathhanda.com/2015/07/blog-post_113.html
මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෙලේ සුදා නිදහස්ව සිටියා නම් ඔහුට වුවද නාමයෝජනා ලබාදීම මෙරට දේශපාලන පක්ෂවලට එතරම් ගැටලූවක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසති.
දුෂණ චෝදනා එල්ල වූ පිරිස්වලට කුමන පක්ෂයකින් හෝ නාමයෝජනා ලබාදීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පැවසු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා තමන් ගෙන ගිය අරගලය නිෂ්ඵල කි‍්‍රයාවක් වී ඇතැයි ද ගුවන් විදුලි සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියහ.
මේ අතර ඉකුත් ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවීමට දායකත්වය ලබාදුන් ආචාර්ය සරත් විජේසූරිය මහතා පැවසුවේ මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායම පරාජය කිරීමට තවදුරටත් සිය දායකත්වය ලබාදෙන බවයි.


Related