අනුරපුර රැලියට සෙනඟ ඇද්දැයි ඔප්පු කළොත් මහ ඇමැතිකම දමා යනවා - ප්‍රසන්න රණතුංග
අනුරාධපුරයේදී පසුගියදා පැවැති එජනිස ජන රැලියට තමන්ගේ මැදිහත්වීමෙන් බස් රථ 237 ක් රැගෙන ගිය බවට නගන චෝදනාව ඔප්පු කළහොත් මහ ඇමැති ධුරයෙන් ඉ...

https://www.sathhanda.com/2015/07/blog-post_115.html

තමන් මෙලෙස බස් රථ රැගෙන ගිය බවට පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා ප්‍රකාශ කර ඇති බවත් මේ නිසා එදින පළාතේ පාසල් දරුවන් හා මගී ජනතාව අපහසුතාවට පත් වූ බවට හෙතෙම ප්‍රකාශ කර ඇති බවත් රණතුංග මහතා මාධ්‍ය හමුවකදී කීය.
සන්ධාන මංගල රැලියට පැමිණි ජනතාව දැක බියට පත්වූ එජාපය මෙවැනි අභූත චෝදනා නඟන බව ද හෙතෙම කීය.
මෙම පදනම් විරහිත චෝදනාවලට හේතු වී ඇත්තේ එජාපය මහින්ද රාජපක්‍ෂ මහතාට ඇති බිය මිස අන් කිසිවක් නොවන බවත් කී මහ ඇමැතිවරයා එම රැලියට ජනතාව පැමිණියේ බලහත්කාරකම්වලට හෝ බත් පැකට්‌වලට යට වී නොවන බව ද පැවසීය.
Related