අනුරපුර රැලියට සෙනඟ ඇද්දැයි ඔප්පු කළොත් මහ ඇමැතිකම දමා යනවා - ප්‍රසන්න රණතුංග
අනුරාධපුරයේදී පසුගියදා පැවැති එජනිස ජන රැලියට තමන්ගේ මැදිහත්වීමෙන් බස් රථ 237 ක් රැගෙන ගිය බවට නගන චෝදනාව ඔප්පු කළහොත් මහ ඇමැති ධුරයෙන් ඉ...
https://www.sathhanda.com/2015/07/blog-post_115.html
අනුරාධපුරයේදී පසුගියදා පැවැති එජනිස ජන රැලියට තමන්ගේ මැදිහත්වීමෙන් බස් රථ 237 ක් රැගෙන ගිය බවට නගන චෝදනාව ඔප්පු කළහොත් මහ ඇමැති ධුරයෙන් ඉවත් වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තමන් මෙලෙස බස් රථ රැගෙන ගිය බවට පළාත් සභාවේ විපක්‍ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා ප්‍රකාශ කර ඇති බවත් මේ නිසා එදින පළාතේ පාසල් දරුවන් හා මගී ජනතාව අපහසුතාවට පත් වූ බවට හෙතෙම ප්‍රකාශ කර ඇති බවත් රණතුංග මහතා මාධ්‍ය හමුවකදී කීය.
සන්ධාන මංගල රැලියට පැමිණි ජනතාව දැක බියට පත්වූ එජාපය මෙවැනි අභූත චෝදනා නඟන බව ද හෙතෙම කීය.
මෙම පදනම් විරහිත චෝදනාවලට හේතු වී ඇත්තේ එජාපය මහින්ද රාජපක්‍ෂ මහතාට ඇති බිය මිස අන් කිසිවක් නොවන බවත් කී මහ ඇමැතිවරයා එම රැලියට ජනතාව පැමිණියේ බලහත්කාරකම්වලට හෝ බත් පැකට්‌වලට යට වී නොවන බව ද පැවසීය.


Related