සැප්තැම්බර් වලින් පසු ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑමයි - මාවෙයි සේනාධිරාජා

“ජාත්‍යන්තර විමර්ශණයක් පැවැත්වීම මගින් දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් දැකීමට හැකිය. අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳව අපට විශ්වාසයක් නොමැත” යනුව...

“ජාත්‍යන්තර විමර්ශණයක් පැවැත්වීම මගින් දෙමළ ජනතාවගේ ගැටළුවට විසඳුමක් දැකීමට හැකිය. අභ්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳව අපට විශ්වාසයක් නොමැත” යනුවෙන් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව 2015 වර්ෂයේ සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය. එය මූලික කරගෙන, යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිත ‍හේතුවෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ඇත. 

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තෙමු. අවසන් සටනේදී සහ පසුව සිදුකල ඝාතනයන් සහ අසාධාරණකම් සම්බන්ධයෙන් සත්‍යය තත්වය අනාවරණය විය යුතුය.

යුද අපරාධ සිදුකිරීමට අවශ්‍ය හේතුව දැනගැනීම තුලින් දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කිරීමට අවස්ථාවක් උදාවනු ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මීටපෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් වාර්ථාවේ සඳහන් කර තිබුණි.

ඔහු මින් පෙරත් අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2946406325060070227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item