සන්ධාන අද හදිසියේ රැස්වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැව...

https://www.sathhanda.com/2015/07/blog-post_186.html
ඒ අනුව සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත්, ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් මෙම රැස්වීමට සහභාගි වීමට නියමිත බව වාර්තා වේ.
අප මේ පිළිබඳ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ අද සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ රැස්වීමක් කැඳවා ඇති බවත් එහිදී මැතිවරණයට අදාලව සාකච්ඡා කිරීමට නියමිත බවත් එය සාමාන්‍යයෙන් රැස්වෙන කමිටු රැස්වීමක් බවත්ය.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදක්වන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමග උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීමට මෙම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තාවේ.
වැඩි දුරටත් අපහට වාර්තා වන්නේ ඉන් අනතුරුව අද සවස මාධ්‍ය සාකච්චාවක් පවත්වා මෛත්‍රීෙග් ප්‍රකාශය ගැන නිවේදනයක් නිකුත් කෙරෙනු ඇත.
Related