විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ නඩුව

මෙවර මහ මැතිවරණයේදී යාපනේ කලබල ඇති වෙතැයි යන සැකය මත රහස් පොලිසිය විසින් යාපනය පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කළ සැකකරුව...

මෙවර මහ මැතිවරණයේදී යාපනේ කලබල ඇති වෙතැයි යන සැකය මත රහස් පොලිසිය විසින් යාපනය පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කළ සැකකරුවන් 09 දෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ (13දා) ඉදිරිපත් කරන ලදී.

රහස් පොලිසිය භාරයේ රැ¼දවුම් නියෝග යටතේ රඳවා සිටි සැකකරුවන් 09 දෙනා යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නමුත් මහ මැතිවරණයට නාම යෝජනා භාරදීමේ අවසන් දිනය ඊයේ (13දා) දිනට යෙදී තිබූ හෙයින්, යාපනය ප්‍රදේශයේ කලබල ඇතිවෙයි යන සැකය මත, ආන්දෝලනයට ලක්වූ සිද්ධියේ සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමට රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් කටයුතු කර තිබිණි.

විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින, කයිට්ස් පුංගුඩුතිව් 10 වැනි කොටස ලිපිනයේ පදිංචි ප්‍රබාලසිංහම් ඉන්දුකුමාර් නොහොත් සින්නම්බි, ප්‍රබාලසිංහම් ජෙයකුමාර් නොහොත් රවි, ප්‍රබාලසිංහම් නවකුමාර් නොහොත් සෙන්දිල්, මහලිංගම් සශින්ද්‍රන් නොහොත් චන්ද්‍රා, තිල්ලේනාදන් චන්ද්‍රකාශන් නොහොත් චන්ද්‍රා ශිවදේවන් කුශාන්දන් නොහොත් පෙරි අප්පේ පළතිරුබසිංහම් කුගන්නාදන් නොහොත් නිශාන්තන්, ජෙයදරන් කෝකිලන් නොහොත් කන්නන්, මහලිංගම් ශෂිකුමාර් නොහොත් සුබින් කුමාර් යන සැකකරුවන් 09 දෙනකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. කයිටිස්, පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විද්‍යා නමැති දැරිය 2015 මැයි 13 වැනිදා සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමය පරිදි රහස් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. අදාළ සැකකරුවන් 09 දෙනා මහෙස්ත්‍රාත් නිරීක්‍ෂණය සඳහා ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, අදාළ සැකකරුවන් ලබන අගෝස්තු 12 වැනිදා තෙක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ නඩුව ලබන අගෝස්තු 12 වැනිදා කැඳවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2161009302063433009

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item