'බැදුම්කර වංචාව' - 'අලුත් පාර්ලිමේන්තුව' වැඩ සටහනට හර්ෂ බෑ කියයි
TV දෙරණ විකාශය කරන, 'අලුත් පාර්ලිමේන්තුව' වැඩ සටහනේ මීළග සංවාදය (22), 'මහ බැංකුවේ බැදුම්කර වංචාව' පිළිබද ව තේමා කර ගනිමින්...

https://www.sathhanda.com/2015/07/blog-post_340.html
එහෙත් අවසානයේදී, ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩසටහනට පැමිණීම ප්‍රතික්ෂේප කර අැති බැවින්, වැඩසටහනේ තේමාව වෙනස් කිරීමට සිදු ව තිබේ.
'බැදුම්කර වංචාව' වැනි ජාතික වැදගත්කමින් යුක්ත සිදු වීමක් පිළිබද අදහස් දැක්වීම මෙලෙස අර්බුදයට ලක් කිරීම, නුසුදුසු ක්‍රියාවක් බව විශේෂයෙන් සදහන් කළ යුතු නැත. ආචාර්ය හර්ෂ ද සිල්වා, අදාළ නො පැමිණීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ, 'අජිත් නිවාඩ් කබ්රාල් සමග එකට අසුන් ගැනීමට අකැමැති ය' යන කරුණයි.
මෙය අපභ්‍රංෂයකි.
ආචාර්ය හර්ෂ ද සිල්වාට කළ යුතු ව තිබුණේ අදාළ වැඩසටහනට පැමිණ, අජිත් නිවාඩ් කබ්රාල්ට කට උත්තර නැති වන්නට කරුණු කීම ය. එහෙත් ඒ වෙනුවට, විත්තිකරුවකු විසින් වැඩසටහන වර්ජනය කෙරී තිබේ.
එ් අතර අද සවස පැවැති වෙනත් හමුවකට අජිත් නිවාඩ් කබ්රාල්, බැදුම්කර වංචාව පිළිබද දිගු පැහැදිලි කිරීමක් යොමු කර තිබිණි. එහි මාතෘකාව වන්නේ 'බැදුම්කර වංචාව-මහ මොළකරු කවුරුන් ද?' යන්න ය. සවිස්තරාත්මක ලියවිල්ලක් වන එහි ප්‍රමාණවත් කරුණු සදහන් ය.
එහි 04 ඡේදයේ මෙලෙස දැක් වේ.
'රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීම ඉටු කිරීමේ දැඩි උනන්දුව මත දෙවාරයක්ම මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ වෙන්දේසි මැදිරියට ගොස් ඇත්තේ ඔහුට ලැබුණු උපදෙස් අනුව බැදුම්කර නිකුත් කිරීමේ කාර්යය සම්පූර්ණ කිරීමට වන නමුත්, එමගින් ඇතිවිය හැකි විශාල අලාභ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය සදහා ඇති වන අහිතකර බලපෑම පිළිබද ව කිසිදු සැලකීමකින් තොරවයි.'
අද (19) උදෑසන තවත් උත්සවයකට සහභාගි වූ මහාචාර්ය ජී. එල්. පීරිස් පවසා ඇත්තේ, 'බැදුම්කර වංචාවට සම්බන්ධ කෝප් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට එරෙහි ව, සුජීව සේනසිංහ අධිකරණයෙන් ලබා ගෙන තිබෙන වාරණ නියෝගය සම්බන්ධ තාක්ෂණික දුර්වලතාවක් තිබෙන බවත්, එහෙයින් කෝප් වාර්තාව සමාජගත වීම, නොවැළැක්විය හැකි බවත්' ය.
මෙවැනි කරුණු අධ්‍යයන කරන විට පෙනී යන්නේ, එක්සත් ජාතික පක්ෂය, මහ බැංකු බැදුම්කර වංචාව යට ගැසීමට සෑම උත්සාහයක් ම ගනිමින් සිටින බව ය. එක්සත් ජනතා නිදහස් සංධානය, එය කෙසේ හෝ එළියට අදින්නට වැර දරමින් සිටින බව ය.
මෙබදු මූල්‍ය අපරාධයක් වසන්නට මාන බලන එක්සත් ජාතික පක්ෂය, දැන් ඔප්පු කරමින් සිටින්නේ, එය 'සැබැවින්ම වංචා හෝ දූෂණ විරෝධී, යහපාලනයට අනුගත දේශපාලන පක්ෂයක් නො වේ' යන්න ය.
එක්සත් ජාතික පක්ෂය යනු, මෙරටට මහා පරිමාණ දූෂණ හුරු කළ පක්ෂය ය. එයට ද ඇත්තේ ටයිකෝට්වලින් වැසුණු අන්ත දූෂිත අතීතයකි.
- කුමාර ලියනගේ
Related