සෙල්ෆියේ අවදානම පිළිබඳ අවවාද

ජංගම දුරකතනයෙන් සෙල්ෆි ගැනීම සම්බන්ධයෙන් රුසියාව උපමාන ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත. ගිනි අවියක් අතැතිව නැතහොත් තනිවම සිංහයෙකු අභියස සිට සෙ...

ජංගම දුරකතනයෙන් සෙල්ෆි ගැනීම සම්බන්ධයෙන් රුසියාව උපමාන ගණනාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ගිනි අවියක් අතැතිව නැතහොත් තනිවම සිංහයෙකු අභියස සිට සෙල්ෆි නොගන්නා ලෙසටද ඉන් අවවාද කෙරේ.

මේ අන්දමේ මාර්ග සංඥා ආකාරයෙන උපමාන ගනණවක් රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

අත් පත්‍රිකා හා වීඩියෝ දර්ශනද ඊට ඇතුළත්ය. සෙල්ෆි ගැනීමට යාමෙන් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබ රෝහල් ගත වීමත්, මරණ ගණනාවක් සිදුවීමත් මෙයට හේතුවි ඇත.

සෙල්ෆි උන්මාදය රුසියාවේද වර්ධනය වෙමින් පවතී. පිස්තෝලයක් අතැතිව සෙල්ෆියකට උත්සාහ දැරූ කාන්තාවක වෙඩි වැදී පසුගිය මැයි මාසයේ තුවාල ලබා තිබේ.

ආරක්ෂක ඇණය ගැලවූ අත් බෝම්බයක් අතැතිව සෙල්ෆියකට උත්සාහ දැරූ තරුණයෝ දෙදෙනෙක් බෝම්බ ය පිපිරීමෙන් මිය ගියහ.

ජංගම දුරකථනය සෙල්ෆිය සමඟ ඉතිරිවිමෙන් එය සනාථ විය. තවත් තරුණයෙක් දුම්රිය පාලමකට නැග සෙල්ෆියක් ගැනීමට යාමේදී විදුලි රැහැනක පැටලී මිය ගොස් ඇතැයි ද අමාත්‍යංශය පෙන්වා දෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 6218292310819074303

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item