බොදු ජන පෙරමුණ මැතිවරණ කටයුතු ගම්පහින් ආරම්භ කරයි!
බොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු පසුගිය දා කැළණි රජ මහා විහාරයේදී පැවති ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කරන ලදී. පුජ...
https://www.sathhanda.com/2015/07/blog-post_305.html
බොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු පසුගිය දා කැළණි රජ මහා විහාරයේදී පැවති ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කරන ලදී.
පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් ආගමික කටයුතු කරන ලද අතර එහිදී විශේෂයෙන් බොදු ජන පෙරමුණේ ජන්ද ලකුණ වන නාග ලකුණ පිලිබඳ පැහැදිලි කරන ලදී. අනතුරුව අපේක්ෂකයින් විසින් බියගම පිහිටි සිය දිස්ත්‍රික් කාර්යාලයේදී හමු වූ අතර එහිදී බොදු ජන පෙරමුණේ සභාපති කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය දේශපාලන ව්‍යායාමයේ ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව පෙන්වා දෙනු ලැබීය. "සිංහලේ" ආරක්ෂාව හා දියුණු කිරීම යන එම අරමුණු දෙක ඉටු කර ගැනීම පිණිස බෞද්ධ දේශපාලන දර්ශනය සමාජ ගත කිරීම හා සිංහල ජාතික අභිමානය ගොඩ නැගීම් උදෙසා පක්ෂයේ මතවාදය සමාජගත කරන ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.
අධ්‍යාපනය, සෞඛ්‍ය,ආර්ථිකය ආදී කෂේත්‍ර තුල පැහැදිලි වෙනසක් කිරීම අවධාරණය කල විතානගේ මහතා අනාගතයේදී බොදු ජන පෙරමුණ මගින් පිහිටවනු ලබන රජයක් යටතේ පහත දැක්වෙන අරමුණු ඉටු කර ගැනීම පිණිස සියලු දේශපාලනික අවකාශයන් හා අවස්ථා යොදා ගැනීමට කටයුතු කල යුතු බවත් මේ මැතිවරණයේදී ඒ සඳහා අත්තිවාරම දැමිය යුතු බව ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කල විතානගේ මහතා ඒ සියල්ලට සමගාමීව සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට පසුගිය ශතක කිහිපය තුල සිදු කරන ලද අසාධාරණයන් හා අයුක්තියන් පිටු දැකීමටත් ඒ සඳහා සාධාරණයක් ඉටු කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගැනීම අපගේ මුලික අභිප්‍රයා බව ප්‍රකාශ කරන ලදී.
ඒ යටතේ 1815 ට පෙර තිබු රටේ නම "සිංහලේ" ලෙස නීති ගත කිරීම ,1815 ට පෙර හා 1948 ඔසවන ලද " සිංහ" කොඩිය ජාතික කොඩිය ලෙස නීති ගත ගත කිරීම පිණිස තම පක්ෂය කටයුතු කරන බව පැහැදිලි කරන ලදී.


Related