විමල් වීරවංසට නෑදෑ දුවලා සම්බන්ද කරමින් මඩ ගහයි
කොළඹ මැතිවරණය ඉතාමාත් තරගකාරී මුහුණුවරක් ගැනීමත්, මහින්ද ගෙන ඒම සඳහා මහා පරිමාණ කාර්ය භාරයක් කල නිසාත් විපක්ෂ බොහෝ පිරිස්ගේ මඩ ප්‍රහාරයන්ට ...
https://www.sathhanda.com/2015/07/blog-post_669.html
කොළඹ මැතිවරණය ඉතාමාත් තරගකාරී මුහුණුවරක් ගැනීමත්, මහින්ද ගෙන ඒම සඳහා මහා පරිමාණ කාර්ය භාරයක් කල නිසාත් විපක්ෂ බොහෝ පිරිස්ගේ මඩ ප්‍රහාරයන්ට ලක්වීමට හිටපු මන්ත්‍රී විමල් වීරවංශට සිදුව තිබේ. මේ දිනවල අන්තර්ජාලයේ පැතිරී යන ඔහුට එරෙහි මඩ ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා තිඛෙනවා.
විමල් කියන්නේ මෙම ඡායාරූප වල සිටින්නේ ශෂී වීරවංශගේ වැඩිමල් සොයුරියගේ දියණියන් බවත් මේවා සමීප ඥාතීන් සමග ගත් ඡායාරූප බවත්ය. විමල් මෙම ඡායාරූප සමගින් තබා ඇති සටහන පහත පරිදිය.
අපගේ දේශපාලන ප්‍රහාරයක් දරාගත නොහැකි අමනයින් පිරිසක් මා මගේ ඥාති දිය‚යන් සමග පෙනී සිටි ඡායාරූප කිහිපයක් යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මඩ ගැසීමේ නින්දිත උත්සාහයක නිරතවී සිටිති.
ඒ්වායෙහි සිටින්නෙ මගේ බිරිද ශෂීගෙ වැඩිමහල් සහෝදරියගේ දියනියන්ය. වන් බාල මඩ ව්‍යාපෘති මගින් අපගේ දේශපාලන ගමන අඩාල කිරීමට නොහැකි නමුත් ඒම විකෘති කළ ඡායාරූප නිසා මගේ ඥාති දිය‚යන් බලවත් අපහසුතාවයට පත්වීමට ඉඩ ඇත. එම ඡායාරූප විකෘති කල දේශපාලනික අනාතයින් හැර අන් බොහෝදෙනෙකු ඒම ඡායාරූප කෙරෙහි තැකීමක් නොකරන බව මම දනිමි.එහෙත් එම දිය‚යන් තවදුරටත් අපහසුතාවයට ලක්වීම වලකාලනු පි‚ස ඔවුන් සමග ගත් අප පවුලේ ඡායාරූප කිහිපයක් මේ සමග පළකරමි.
දියනියන්, සහෝදරයින් කෙසේ වුවුද තමන් මෙලොවට බිහිකළ මවක්වත් සිටින බව අමතක කළ අමනයින්ට නිසි පිළිතුර ලබන මස 17 වැනි දින මේ රටේ ජනතාව විසින් ලබා දෙනු ඇත.
එම ජායාරුප පහතින්






Related