'ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවත්වන්නේ නෑ'- රාජිත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වී මෙවර මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට කිසිදු ආකාරයේ තීන්දුවක්‌ ගෙන නොමැති බව...


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වී මෙවර මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට කිසිදු ආකාරයේ තීන්දුවක්‌ ගෙන නොමැති බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැවසීය.

ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට කැපවූ ශ්‍රීලනිප පාර්ශ්වයෙන් එවන් තීරණයක්‌ ගන්නා ලෙස කිසිම බලපෑමක්‌ ජනාධිපතිවරයාට එල්ල නොකෙරුණු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

එහෙත් රාජිතගේ පසුගිය මාධ්‍ය නිවේදන හා සැලකීමේදී ඔහුගේ ප්‍රකාශ පිළිබද විශ්වසනීයත්වය ඉතාමත් අවම මට්ටමක පවතී.

මෙවර මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට නාමයෝජනා ලබා දීමට ගත් තීන්දුවත් සමග ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවත් විය යුතු යෑයි කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප ශ්‍රීලනිප පාර්ශ්ව බලපෑම් කර ඇති බවට පැතිර ගිය දේශපාලන ආරංචි මාර්ග පිළිබඳ කළ විමසීමකදී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙවර මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග වැදීම ස්‌ථිර බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිපය සන්ධානයෙන් ඉවත්වී වෙනම තරඟ කිරීමට සුදානම් වන බවට පලවී ඇති වාර්තා ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා ද ප්‍රතික්ෂේප කළේය.

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වදින බව ශ්‍රීලනිප මහ ලේකම් ලෙස තමා මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිඛිතව දන්වා ඇතැයි ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමට ඇති අවස්ථාව අහිමි ඇති බවද ඔහු පැවසිය.

කෙසේවුවද, අනුර ප්‍රියදර්ශන යාපා මහතා ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කර එම පක්ෂයෙන් හෝ වෙනත් පෙරමුණකින් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ආධාරකරුවන් ගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබු බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7339111817520234467

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item