‘එක් රටක් දේශයන් දෙකක්’, ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැත - ගජේන්ද්‍රකුමාර්

දෙමළ දේශය පිළිගෙන, ස්වයං නිර්ණ අයිතීන් මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් අවධාරණය කරමින් අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන බව දෙමළ ජ...

දෙමළ දේශය පිළිගෙන, ස්වයං නිර්ණ අයිතීන් මූලික කරගත් ෆෙඩරල් පාලන ක්‍රමයක් අවධාරණය කරමින් අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇත. ‘එක් රටක් දේශයන් දෙකක්’ යන ප්‍රතිපපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවද ඔහු ප්‍රකාශ කර ඇත. 

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. 

“මෙවර මැතිවරණයට දෙමළ ජාතික ජනතා පෙරමුණ ස්වාධීනව උතුරු නැගෙනහිර දෙමළ මාතෘභුමියේ තරඟ කිරීමට නියමිතය. ‘එක් රටක් දේශයන් දෙකක්’ යන අපගේ ප්‍රතිපත්තියෙන් ඉවත් නොවී අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නෙමු. එහි කිසිඳු වෙනසක් නොකර, අඛණ්ඩව ජනතාව වෙනුවෙන් සේවය කරන්නෙමු.

අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමේ කටයුතු කඩිනමින් සිදුකරමින් සිටියි. දෙමළ දේශය පිළිගන්නා ස්වයං නිර්ණ අයිතිය මූලික කරගෙන, ස්වාධීන ෆෙඩරල් පාලන ක්‍රමයක් යන ප්‍රධාන කරුණ අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කිරීමට නියමිතය. 

ස්වයං නිර්ණ අයිතිය සමඟ වෙනම දේශයක ස්වාධීනව ජීවත්වීම, පසුගිය කාලයේ දෙමළ ජනතාව සිදුකල පරිත්‍යාගයන්ට ලබාදෙන වටිනාකමකි. යන ස්ථාවරයේ අප ස්ථිරව සිටින්නෙමු. යුද්ධයට පෙර සහ පසුව අතුරුදහන්කල පුද්ගලයින්ගේ ගැටළුව, දෙමළ‍ දේශපාලන රැඳවියන්ගේ ගැටළුව, දෙමළ ජනතාව යලි පදිංචි කිරීම, ඉඩම් ආක්‍රමණය කිරීම, හමුදාකරණිය කිරීම, සැළසුම් සහගත පදිංචි කිරීම්, ආර්ථික වශයෙන් අපව සූරාකෑම යනාදී කරුණු අපගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් කිරීමට නියමිතය.

උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සැළසුම් සගතව සිදුකල ජාති ඝාතනයට එරෙහිව දේශීය සහ වීදේශීය වශයෙනුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ අඛණ්ඩව හඬ නගන්නෙමු. එම වැඩපිළිවෙල අප අඛණ්ඩව සිදුකරන්නෙමු. දෙමළ ජාතිකත්වය මූලික කරගෙන, අප සඳහා වන වරම ජනතාව අනිවාර්යයෙන්ම ලබාදෙනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු” යනුවෙන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7788612018150870242

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item