රටේ බුද්ධාගම විනාශ කළේ ජාතික හෙළ උරුමයයි

ජාතික හෙළ උරුමය තරම් රටේ බෞද්ධාගම විනාශ කළ අන් කිසිවෙක් නොමැති බව 'පැවදි හඬ'සංවිධානය වෙනුවෙන් එහි උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හ...


ජාතික හෙළ උරුමය තරම් රටේ බෞද්ධාගම විනාශ කළ අන් කිසිවෙක් නොමැති බව 'පැවදි හඬ'සංවිධානය වෙනුවෙන් එහි උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.

බටහිරට ගැතිවී මුදලට හිරවී ඔවුන් විසින් රටේ ජාතිකත්වය විනාශ කිරීමට කටයුතු කළ බව නාලක හිමි කියා සිටියේ අද(14) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රට වෙනුවෙන් නම් මහින්ද ද බඩ වෙනුවෙන් නම් රනිල් ද කියන කාරණය කෙරෙහි මෙවර මැතිවරණයේදී ජනතාව විසින් තීරණය කළ යුතුව ඇති බව උන්වහන්සේ මෙහිදී ‍සඳහන් කළේය.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් පිල් මාරු නොකරන බවට ජනතාව විසින් දිවුරුමක් ලබාගත යුතුව ඇති බවත්,පිල් මාරු දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් නාලක හිමියන් අවධාරණය කළේය.

අනගාරික ධර්මපාලතුමන්ද දේශද්‍රෝහී නොවී රාජ ද්‍රෝහී වූවාට කම්නැති වග පෙන්වා දුන් බවත්, ඒ අනුව භික්ෂුන් ලෙස තමන්ද රටට ජාතියට දේශයට ද්‍රෝහී නොවී ජාතික වැදගත්කමකින් යුතු ගැටළුවලදී පෙනී සිටින බවත් උන්වහන්සේ කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාට විවිධ චෝදනා එල්ලවී ඇතත් එකදු චෝදනාවක් වත් ඔප්පුවී නොමැති බවත්, ඒ අනුව එවැනි අභූත චෝදනා එල්ල කරනු ලබන්නේ ද්වේශ සහගතව බැව් පැහැදිලි බවත් නාලක හිමියන් අවධාරණය කළේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ එකම වැරැද්ද වූයේ රනිල් වික්‍රමසිංහ , මර්වින් සිල්වා වැනි අයගේ වැරදිවලට නිසි ක්‍රියාමාර්ග නොගැනීම බව නාලක හිමියන් සඳහන් කළේය.

දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාදීමේදී සන්ධානයේ වුවද දූෂිතයන්ට ලබාදිය යුතු නැති බවත්, පක්ෂ පාට භේදයකින් තොරව දූෂිතයන්ට දඬුවම් හිමිවිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයක් වූයේ සන්ධානයේ ඇතැම් දූෂිතයින්ට අපරාධකරුවන්ට නාමයෝජනා ලබාදිය යුතු බවට බලකරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක්ද උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්ව සිටි බැවින් ඒ පිළිබඳ නාලක හිමියන් දරන්නේ කුමන අදහසක්ද යන්නයි.

භික්ෂුව එවැනි තත්ත්වයකට පත්වීම පිළිබඳ තමන් කනගාටුවන බවත්, එසේ නොවිය යුතුව තිබුණු බවත් නාලක හිමියන් එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6897505568796531107

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item