රටගිය බිරිද ගැන සෙවූ සැමියාට නියෝජිත අායතනයෙන් ගුටි
විදේශ රැකියාවකට පිටත්ව ගිය සිය බිරිද පිලිබදව තොරතුරු විමසීමට ඇය විදේශ ගත කල රැකියා නියෝතිත ආයතනයට කැදවු ගලේවෙල, මාදිපොල ප්‍රදේශයේ පදිංචි ති...
https://www.sathhanda.com/2015/07/blog-post_357.html
සුසන්ත ප්‍රියලාල් යන අය මෙසේ පහරකෑමට ලක්ව ඇත. මොහුට වයස අවුරුදු 10, 05 හා 03ක දරුවන් තිදෙනකු සිටිති. රැකියා නියෝජිත ආයතනයේ සිව් දෙනෙකු විසින් තමා කාමරයකට දමා පහර දුන් බවත් බිරිද ගැන සෙවීම නවතා දමන ලෙස තර්ජනය කරම්න් තමාට පහර දුන් බවත්, පහරදිම නිසා තමන්ගේ දෙකන් වල ඇසීම දුර්වලවී ඇති බවත් එක් කනක කන් අඩිය පුපුරා ඇති බව වෛද්‍යවරුන් පැවසු බවත් ඊට අදාල සැත්කමකට මහනුවර මහා රෝහලට මාරුකර යවීමට නියමිත බවද හෙතෙම පැවසිය.
තම බිරිද මැද පෙරදිග රැකියාවට යාමෙන් පසු ඇය ගැන කිසිදු තොරතුරක් නොමැති නිසා ගලේවෙල රෝහල ඉදිරිපිට පිහිටි යුනි ලංකා (LL2932 ) රැකියා නියෝජිත ආයතනයෙන් තම බිරිද පිලිබදව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ගලේවෙල පොලිසියටත් විදේශ සේවා නියුක්ති කර්යාංශයටත් පැමිණිලි කිරීමෙන් සහනදායක පිලිතුරක් අපේක්ෂාවෙන් සිටියදී රැකියා නියෝජිත ආයතනයේ නවාස් නමැති අය 11 වෙනි දින පෙරවරුවේ දුරකතනයෙන් දැනුම් දෙමින් බිරිද පිලිබදව කතා කර ගනිමට පැමිණෙන ලෙස කල දැනුම්දීමෙන් පසු පෙරවරු 11.00ට පමණ තමාට මෙසේ පහර දුන් බවත එසැනින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කතා කර ගලේවෙල පොලිසියට ගොස් පැමිණිලි කළබවද හෙතෙම පවසීය. තම බිරිද මේ වනවිට සෞදි අරාබියේ සිටින බවත් ව්‍යාජ ලේඛන මගින් ඇය මුලාකොට සංචාරක විසා මත යවා ඇති බවට තමාට විදේශ සේවා කාර්‍යංශයෙන් දැනුම් දී බවද කිය. ඉකුත් මැයි මස 11 වෙනි දින ඇය විදේශ ගතවූ බවත් මේ වනතෙක් අයට කිසිදු වැටුපක් පවා ලැබී නොමැති බවත්, කිසිදු ආරක්ෂාවක් පවා නොමැතිව සිටින බවත්, රැකියා ඒජන්සිකරු තම බිරිදගේ දුරකථන අංකයට කතා කර ස්වාමි පුරුෂයාගේ කටයුතු නතර නොකළහොත් අතුරුදන් කරන බවට තර්ජනය කර ඇති බවද ඔහු කියා සිටියේය.
බිරිද විදේශ ගතවූ පසු රැකියා නියෝජිත ආයතනයෙන් රුපියල් 1,95,000ක මුදලක් දුන් බවත් පසුව ඉන් රුපියල් 85,000 ක මුදලක් බිරිද රැකියාවට යැවීම සදහ ලියවිලිවලට වියදම් වශයෙන් ඉල්ලා ගත බවත්, එම මුදල් ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කර්යලයට දිමට ඇති බවද නවාස් නැමැත්තා පැවසු බව පවසන ඔහු ඒ පිලිබදව ගලේවල ප්‍රාදේශිය ලේකම්වරියට ලිකිතව දැනුම් දුන් බවද කියයි. කෙසේ හෝ තම බිරිද යලි ලංකාවට ගෙන්වා දෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.


Related