යහපලකයෝ එක්නැලිගොඩ විකුණා අවසන්ද !
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී අදට දින 2000ක් පිරේ. ඔහු වෙනුවෙන් පසුගියදා (18දා) කොළඹ කාලිඅම්මාන් කෝවිලේ දී පූජාවක් ...

https://www.sathhanda.com/2015/07/blog-post_381.html
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී අදට දින 2000ක් පිරේ.
ඔහු වෙනුවෙන් පසුගියදා (18දා) කොළඹ කාලිඅම්මාන් කෝවිලේ දී පූජාවක් පැවැත්වුණි.
මේ අතුරුදහන්වීමට පැවැති රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දිගුවී ඇත. එසේ නමුත් ප්‍රගීත් පිළිබදව කිසිදු සාධනීය පරීක්ෂණයක් පැවැත්වීමටවත් පොලීසිය සමත් වී නැත. එක්නැලිගොඩ, සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදු කළ පරීක්ෂණ ගැන ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාත් මෙන්ම ජනතාවට හා මාධ්‍යවේදීන්ට ද වැඩි විශ්වාසයක් තැබිය නොහැකියයි ඔවුන් කියයි
එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්දයෙන් හඬ නැගූ බොහෝ පිරිස් අද ගල් ගිලලාය. ලොකුම ගල ගිල ඇත්තේ lankaenews හි එජාප තොල්කපාල වන සඳරුවන්ය. එක්නැලිගොඩ විකුණමින් දේශපාලනය කල ඊනියා දේසපාලුවන් සහ NGO කාක්කන් අද එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් ඉන්නවද බලන්නේවත් නැත. එදා සන්ධ්‍යා සමග පහන් පත්තු කරපු උන් අද යහපලකයන් සමග පහන් නිවා දමා යහන් ගත වෙලය. එදා එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්දයෙන් රාජපක්ෂට චෝදනා කරමින් සමාජ වෙබ් අඩවි වල ගෙතුණු කතිකා වලට උඩ ගෙඩි දුන් ඇටෙන් පොත්තෙන් නොමේරු උන්ද අද නිදි වැදිලාය. එක්කෝ අද උන් යහපාලනයේ රෙදි ගැලවී ඇතිහෙයින් උන් විලි වසා ගැනීමට දගලනවා විය හැකිය. එනිසා එක්නැලිගොඩ අමතක වී ඇත. සිය සැමියා අතුරුදහන්වීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ආරම්භ කර තිබෙන පරීක්ෂණ පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බව එක්නැලිගොඩ මහතාගේ බිරිඳ, සන්ධ්‍යා, පවසන්නීය. එසේ නම් එක්කෝ ශ්‍රී ලංකා පොලිසිය ඔහුගේ අතුරුදහන්වීම සම්බන්දයෙන් කිසි දෙයක් දන්නේ නැතිය. නැති නම් ඔහු අතුරුදහන් කරවූ එකලා යහපලානේට සම්බන්ද එවුන්ම විය යුතුය.
Related