සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය සතියක්තුළ දී
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සතියක්තුළ දී තුළ ජනතාවට ලබාදෙන බවත්, සන්ධාන මංගල රැලිය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන...
https://www.sathhanda.com/2015/07/blog-post_414.html
එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකට කඩා බලය ලබා ගැනීමට හීන මැවූ එක්සත් ජාතික පක්ෂයේ එම උත්සාහය සාර්ථක නොවුණු බව එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය. මේ හේතුවෙන් තමන්ගේ උසට වඩා හතර පස් ගුණයක් උස බෝඩ් ගසමින් සහ සන්ධානයේ පිරිස්වලට දූෂිතයින් බව පවසා මඩ ප්‍රහාර එල්ල කරමින් ජයග්‍රහණය කිරීමේ අසාර්ථක උත්සාහයක එජාපය නිරතවන බව හෙතෙම පැවසී ය.
පසුගිය ආණ්ඩුව මැතිවරණ කටවුට් ගැසූ සෑම අවස්ථාවක දී ම එවකට විපක්ෂයේ සිටි වර්තමාන ආණ්ඩුව චෝදනා එල්ල කළේ, සොරකම් කළ මුදල්වලින් කටවුට් ගසන බවට යැයි ඔහු පවසා සිටියේ ය. මේ නිසා වර්තමාන ආණ්ඩුව රට පුරා ඇතිදැවැන්ත කටවුට් ගසා තිබෙන්නේ දින 100 තුළ දී හොරකම් කළ මුදල්වලින් ද යන්න ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා සඳහන් කළේ ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීම විහිළුසහගත බවත්, සන්ධානයේ මැතිවරණ කටයුතු සිදුවන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලුම දෙනාගේ සහයෝගය මත බවත් ඔහු පවසා සිටියේ ය.
දැනට තිබෙන තත්ත්වය අනුව දිස්ත්‍රික්ක 14 ක ජය සන්ධානය සතුවන බවත්, එක්සත් ජාතික පක්ෂය ආසන්න වශයෙන් ජයගත හැකිවන්නේ දිස්ත්‍රික් 04 ක් පමණ් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.


Related