ලැබෙන හැම මොහොතෙම හිරුනිකාව මගේ තුරුලේ තියා ගන්න ඕනේ - හිරාන්
හිරුණිකා – හිරාන් විවාහ වෙනවා කියලා හැමතැනම කතාබහ වුණ නිසාම මේ ගැන අහන්න හිරාන්ට කතා කළා. “හ්ම්… හැමෝම මේ ගැන අහනවා. ඒ හිරාන් වෙන හිරාන...
https://www.sathhanda.com/2015/07/blog-post_986.html
හිරුණිකා – හිරාන් විවාහ වෙනවා කියලා හැමතැනම කතාබහ වුණ නිසාම මේ ගැන අහන්න හිරාන්ට කතා කළා. “හ්ම්… හැමෝම මේ ගැන අහනවා. ඒ හිරාන් වෙන හිරාන් කෙනෙක්. හෙට බලන්නකෝ” කියලා තමයි එදා හිරාන් ප්‍රතිචාර දැක්වූවේ. කොහොමහරි අන්තිමට හිරුණිකාගේ මනාලයා වුණේ වෙන හිරාන් කෙනෙක් නෙවෙයි. ඒ හිරාන් යට්ටෝවිටමයි. ඒ නිසාම හිරුණිකා – හිරාන් ආදර කතාව අහන්න ඔහුට කතා කළා.
කොහොමද හිරාන් – හිරුණිකා ආදර කතාව පටන් ගත්තේ?
හ්ම්… අමාරු ප්‍රශ්නයක්. අපි මුලින්ම යාළුවෝ වගේ ආශ්‍රය කළා. හරියටම අවුරුද්දකට කලින්. ඒ කාලේ හිරුගේ ලස්සනට මගේ හිතේ කැමැත්තක් ඇතිවුණා. ඒ කැමැත්ත දවසින් දවස වැඩිවුණා. මට හිතුණා මේ ගැන හිරුගෙන් අහන්න ඕන කියලා. මාස කීපයකට කලින් මම හිරුට මගේ හිතේ තියෙන කැමැත්ත කිව්වා. එයා මුලින්ම මුකුත්ම කිව්වේ නැහැ.
කිව්ව එකම උත්තරේ “හිරාන් ඔයා මේ ගැන ගෙදරින් අහන්න’ කියන එකයි. ඉතින් මගේ හිතේ තිගැස්මක් තිබුණා. හිරු මගේ කරගන්න ඕන නිසා හිරුගේ ගෙදර ගිහින් එයාගේ අම්මට කිව්වා මම හිරුව බඳින්න කැමතියි කියලා. කොහොම හරි ගෙදරින් ආශිර්වාදය අපිට ලැබුණා.
ගෙදරින් කැමැත්ත ලැබුණට පස්සෙද හිරුණිකා හිරාන්ට කැමැති වුණේ?
එයා ගෙදරින් අහන්න කියලා කිව්වේ මට තියෙන කැමැත්ත නිසා වෙන්න ඇති. හැබැයි ඒ වෙනකොට හිරු ආදරේ ප්‍රකාශ කරලා තිබුණේ නැහැ.
හිරාන්ගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණද හිරුණිකා ඔයාට කැමැති වෙයි කියලා?
ඇත්තටම මුලින්ම නම් එහෙම කිසි විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් මම දවසින් දවස හිරුගේ විශ්වාසය ගොඩ නගා ගත්තා. සාමාන්‍ය පිරිමි ළමයෙක් විදිහටයි මම එයාට කැමැත්ත ප්‍රකාශ කළේ. ගෑනු ළමයින්ගේ ඉඟි බිඟි මටත් තේරෙනවා. ඒ නිසාම හිරු මට කැමැතියි කියලා මට දැනිලා තිබුණේ.
ඇයි ඔය දෙන්නගෙ ආදර කතාව හංගන්න හිතුවේ?
ආදරේ කියන්නේ පුද්ගලික කාරණයක්. අපි කැමැති වුණේ සාමාන්‍ය දෙන්නෙක් විදිහට අපේ ආදරේ ගොඩනගා ගන්න. අනිත් අය වගේ අපේ වෙඩින් එක විකුණන්න වුවමනාවක් තිබුණේ නැහැ. මේක ජීවිතේ පිළිබඳ තීරණයක් නිසා ප්‍රසිද්ධියක් ගන්න වුවමනා වුණේ නැහැ. කවුරුවත් ඇඟිලිගහනවාට කැමැති වුණෙත් නැහැ. අපේ විවාහ ලියාපදිංචිය ගැන හැමෝටම කියන්නෙ නැතිව ළඟම හිතවතුන්ට විතරක් කිව්වේ ඒකයි.
ඉක්මනින්ම විවාහ ගිවිසගන්න විශේෂ හේතුවක් තියෙනවාද?
විවාහ ගිවිසගැනීම හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. අපි ඒ දේ සැලසුම් කරලා කරපු දෙයක්. ගොඩක් අයට ප්‍රශ්නයක් වුණේ මැතිවරණයත් එක්ක හිරුණිකයි මමයි හදිසියේ විවාහ ගිවිස ගත්තේ ඇයි කියන එක. මැතිවරණය හදිසියේ තීරණය වුණාට අපේ ගිවිස ගැනීම එහෙම දෙයක් නෙවේ.
ඇයි ඔබ හිරුණිකාට කැමැති වුණේ?
මුලින්ම මම ආශ්‍රය කළේ ඇගේ ලස්සනට. ගොඩක් වෙලාවට අපි යාළුවෝ වගේ එකට ආශ්‍රය කරද්දී අපේ අදහස් ගතිගුණ හැම දෙයක්ම ගැළපුණා. අපිට ඒ දේවල් බලෙන් ගළපගන්න වුවමනාවක් වුණේ නැහැ. ඇය දේශපාලනය නියෝජනය කරද්දී මම කලාව නියෝජනය කළා. මේ ක්ෂේත්‍ර දෙක එකට මුණ ගැහෙන අවස්ථා වැඩියි. ඒ නිසා අපිට තේරුණා අපේ හැමදේම 99ම ගැළපෙනවා කියලා. ඒකයි ඇයව මගේ බිරිඳ කරගන්න තීරණය කළේ.
ඇයව ඔබට මුලින්ම මුණගැහුන දවස මතකද?
ඔව්. හරියටම 2014 මිස් ලංකා තරඟෙදි තමයි ඇයව මුලින්ම මුණ ගැහෙන්නේ. එදා තමයි ඇයත් එක්ක මම මුලින්ම කතාබහ කළේ.
ඇතැම් අය කියනවා ඔබ හිරුණිකා සමග විවාහ වෙන්නේ ඇයගේ ධනය බලය හා ජනප්‍රියත්වය නිසා කියලා?
අපේ පවුල් දෙක දිහා බැලුවහම සාමාන්‍ය පවුල් දෙකක්. මමත් හොඳ පවුලකින් පැවත එන කෙනෙක්. මිනිස්සු හිතන්නේ ඇමැති කෙනෙක් කිව්වහම සල්ලි ගොඩක් තියෙනවා කියලා. හිරුගෙ තාත්තා ආශ්‍රය කළේ පොඩි මිනිස්සු. සල්ලිවලට වඩා හිරුගේ තාත්තා හම්බ කළේ මිනිස්සුයි. හිරුගේ ජනප්‍රියත්වයේ බලය ධනය කියන දේ නෙවෙයි මට වැදගත් වුණේ. මාව තේරුම් අරන් ජීවත් වෙන්න පුළුවන් මාත් එක්ක සතුටින් ඉන්න පුළුවන් කෙනෙක්වයි.
හිරුණිකා නිසා හිරාන් විශාල ජනප්‍රියත්වයක් ලැබුවා කිව්වොත්?
ඇය මට වඩා ජනප්‍රියයි. මුළු රටම ඇයව අඳුනනවා. මම නිරූපණ ක්ෂේත්‍රයේ කෙනෙක් වුණාට මාව දන්නේ පොඩි පිරිසක් විතරයි. ඇය නිසා මම ජනප්‍රිය වුණේ නැහැ කියලා මම කියන්නේ නැහැ.
හිරාන්ටත් දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. අපේ අම්මාගේ පැත්තේ දේශපාලන සම්බන්ධකම් තියෙනවා. හැබැයි ඇයව මුණගැහෙන්න ඒ සම්බන්ධකම් නිසා නෙවෙයි.
ඔබ සැහැල්ලු ජීවිතයක් ගත කරපු කෙනෙක්. දැන් ඒ ජීවිතේට හිරුණිකාගේ සීමා මායිම් වැටිලා නේද?
ඕනෑම බිරිඳක් එහෙමයි. හැම ස්වාමිපුරුෂයකුටම බිරිඳකගේ සීමා මායිම් තියෙනවා. සැමියකුත් එහෙමයි. අපි දෙන්නා අපි දෙන්නගේ සීමා මායිම් දැනගෙන ජීවත් වෙනවා.
ඔබ කලාවෙන් සමු අරන් දේශපාලනයට එනවා කියන කතාව ඇත්තද?
එහෙම දෙයක් නැහැ. මට දේශපාලනයට එන්න කිසි වුවමනාවක් නැහැ. හැබැයි මම මගේ බිරිඳට උපරිම සහයෝගය දෙනවා. ඒ ගමන් මටත් පුරුදු පරිදි කලා ක්ෂේත්‍රයේ වැඩ කරනවා. හැබැයි ඕනවට වඩා කාර්යබහුල වෙන්නේ නැහැ. මොකද දෙන්නම දේශපාලනය කළොත් ප්‍රශ්න වැඩියි. මට ඕන ගොඩක්ම හිරු එක්ක ළඟින් ඉඳන් කාලය ගත කරන්න.
ඔබ දෙන්නම නියෝජනය කරන්නේ කාර්යබහුල ක්ෂේත්‍ර දෙකක්. කොහොමද ඒ වෙලාව හොයාගන්නේ?
හිරාන් කියන නිරූපණ ශිල්පියා බැන්දේ හිරුණිකා කියන මන්ත්‍රීතුමිය නෙවේ. මමයි එයයි කියන්නේ සැබෑ ජීවිතේ සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. දැන් එයා මගේ බිරිඳ. මට ඕන ලැබෙන හැම තත්පරේම හිරු මගේ තුරුලෙම තියාගන්න. ඒ දේ බොළඳ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ආදරේ විඳින්න ඕන.
ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
දුක සතුට හැමදේම මගේ ජීවිතේ තිබුණා. මම අතීතය ගැන හිතන්නේ නැහැ මගේ ජීවිතේ හොඳම දවස තමයි හිරුයි මමයි විවාහ ගිවිසගත් දවස. අතීතයේ ඇයට ආදරය ප්‍රකාශ කළ දවස වගේම පළමු හාදුව දුන් දවසත් මගේ ජීවිතේ හොඳම දවස් කියන්න පුළුවන්.
හිරාන් ජීවිතේ ගත්ත, ගන්න තීරණ 100 නිවැරදි කියලා හිතනවද?
හැමදේම 100 හරියන්නේ නැහැ. හැබැයි මම ජීවිතේ ගත්ත තීරණ හරියි කියලා හිතනවා.
විවාහ උත්සවය කොහොමද සැලසුම් කරන්නේ?
මේ අවුරුද්දේ අන්තිම තමයි විවාහ උත්සවය ගන්න හිතන් ඉන්නේ. අපි ඒ ගැන හැමෝටම කියනවා. කොහොමත් අපි හිතන් හිටියේ විවාහ ගිවිස ගැනීම නොකිව්වට විවාහ උත්සවය හැමෝටම කියනවා කියලා. ඒ නිසා අපේ විවාහය මංගල්‍යයක්ම වෙයි.


Related