කකුළු අකිල විරාජ්ට කෙලින් යන්න අසංක නවරත්නගෙන් ගෙන් කනේ පාරක්

https://www.sathhanda.com/2015/07/blog-post_428.html

රටේ අධ්‍යාපන ඇමතිකම වගකීම අතින් ජනාධිපතිධූරයටවත් දෙවනි නොවන අතර, එය නුසුදුස්සෙකුට ලැබුණ විට හැසිරෙන ආකාරය ජනතාවට මේ වන විට දකින්නට ඇති බව අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල විශ්‍රමිකයින් පිරිසක් අමතමින් සිටින අසංක නවරත්න මැතිතුමා පවසයි.
"මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලින් මහමැතිවරණයට එනබව ඇසීමත් සමග තම පරාජය දැක භූමිතෙල් ගෑ සර්පයෙක් මෙන් දගලන්න පටන්ගත් අධ්‍යාපන ඇමතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධීපති වරප්‍රසාද ගැන කතා කරනවා, නමුත් අනිත් එවුන්ට කෙලින් යන්න කියන කකුළු අධ්‍යාපන ඇමතිතුමාට පේන්නේ නෑ එතුමා තමන්ගේ ඇමතිධූරය අතේ තියාගෙන එම වරප්‍රසාද බුක්ති විදිමින් මහමැතිවරණයට තරග කරන බව. අපි දැක්කා නාමයෝජනා දීපු දවසේ එතුමාගේ සහ අනිත් යූ.ඇන්.පී අපේක්ෂකයන්ගේ රථ පෙළපාළි කොහොමද කුරුණෑගල නගරයේ සැරිසැරුවේ කියලා. පිළිසකර කරමින් පවතින කොළඹ කුරුණෑගල මාර්ගයට පවා වැහැරින් ඒවා ඇතුල්කිරීම නිසා පාසැල් නිමාවෙච්ච දරුවන්ට වෙච්ච අපහසුතාවය අපි හොදටම දැක්කා. දහවල් 12ට පාසැල් නිමාකරපු නිසා එදින මුළු කුරුණෑගලම විශාල තදබදයක් ඇති වුණා. ඒ වගේම අපි දැක්කා මහින්දෝදය තාක්ෂණික විද්‍යාලවල බෝර්ඩ් ගලවලා එතුමා කලා වගේ ඒවා විවෘත්ත කරපු හැටි. ඉතින් මේ විදිහට අනිත් අයට ආදර්ශයක් නොවන නුසුදුස්සන්ට තනතුරු ලැබුණම ඒ අය ඒ බලතල පාවිච්චිකරන හැටි අපිට හොදට පේනවා. අපිට විතරක් නෙවෙයි ජනතාවටත් ඒක හොදට පේනවා ඒ අයට ලබන 17 වෙනිදා ජනතාව පාඩමක් උගන්වනවා නියතයි. ඒ වගේම මම එතුමාට අභියෝග කරනවා පුළුවන්නම් අධ්‍යාපන ඇමතිකමේ බලතල පැත්තකින් තියලා මැතිවරණයට තරග කර තමන් පරමාදර්ශී නායකයෙක් බව පෙන්වන්න කියා" යනුවෙන් වැඩිදුරටත් ඔහු පැවසීය.
Related