රාජිතගේ පුතා ගම්පහට මාරුවෙයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයට නාමයෝජනා ලබාදීමට එම පක්ෂයේ නායක අගමැති ...

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රීක්කයට නාමයෝජනා ලබාදීමට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී තීරණය කර ඇත.

ඊයේ(12) සවස වනවිට රනිල් වික්‍රමසිංහ චතුරට කුරුණෑගලින් ඉදිරිපත් වනලෙස ඉල්ලා සිටියත් චතුර සහ රාජිතගේ බලවත් ඉල්ලීම වුයේ චතුරට කුරුණෑගලින් දිරිපත් විය නොහැකි බවත් කොළඹින් හෝ ගම්පහින් නාමයෝජනා ලබාදෙන ලෙසය.

එසේම එජාප කළුතර දිස්ත්‍රීක් නායකත්වය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය සමතයකට පත් කිරීම සඳහා එම පියවර ගෙන තිබේ.

කළුතර දිස්ත්‍රීක්කයේ එජාප ලයිස්තුවේ නායකත්වයට නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා නම් කර තිබියදී, 'යහපාලන පෙරමුණ' සමග ඊයේ ඇතිකර ගත ගිවිසුමට අනුව කළුතර එජාප ලයිස්තුවේ නායකත්වය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පැවරීමට එකඟවී ඇත.

නව එජාප සන්ධානය නිසා සමහර එජාප පිරිස් කලකිරීමට පත්ව ඇති බව අප වාර්තා කල අතර එය තහවුරු කරමින් අජිත් පෙරේරා මහතා තමා ඉල්ලා අස්වන බවට බලපෑම් කර තිබේ.

ඒ අනුව, රාජිත සේනාරත්න මහතා නායකත්වයෙන් ඉවත්කර, ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා ගම්පහ දිස්ත්‍රීක්කයට නම් කර ප්‍රශ්නය සමතයකට පත් කර ඇත.

තමන් හම්බන්තොට බෙලිඅත්ත ආසනයෙන් තරඟ වැද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සූදානම් බවත් හැකිනම් ඒ අභියෝගය බාර ගන්නා ලෙසත් ඇමති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා මිට ඉහතදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6547572737203567738

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item