'මහින්ද අගමැති කරනවා' - අනුරාධපුරයේදී ප්‍රතිඥාදෙයි
‘රටට පණ දෙමු - අලූතෙන්ම පටන් ගමු’’ යන තේමාව යටතේ මහමැතිවරණය ඉලක්ක කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැළිය හිටපු ජනාධිපති මහින්...

https://www.sathhanda.com/2015/07/blog-post_435.html
‘රටට පණ දෙමු - අලූතෙන්ම පටන් ගමු’’ යන තේමාව යටතේ මහමැතිවරණය ඉලක්ක කර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ දි පැවැත්විණ.
මෙවර මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයින් ජාතිය වෙත ප‍්‍රතිඥාවක් ලබාදීම ද මෙහිදී සිදුකෙරින. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගන්නා බවට අවධාරණය කරමිනි.
එන මහ මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව රැළිය අමතමින් මහාචර්ය තිස්ස විතාරණ මහතා කියා සිටියේය.
එවිට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලයට පත් වූ ප‍්‍රධාන පොරොන්දුවද සම්පුර්ණ වන බව ඔහු පැවසිය.
එම මහ මැතිවණයෙන් පසු ස්ථිර ලෙසම හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත් කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා රැළිය අමතමින් කියා සිටියේය.
සන්ධානය නියත ලෙසම ජයගන්නා ඉදිරි මහ මැතිවණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කල යුතු බවත් ඊට අදාල යෝජනා කරන්නේ තමන් බව හිටපු විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සන්ධාන රැළිය අමතමින් කියා සිටියේය.
ඉදිරි මහ මැතිවණයෙන් පසු නියත ලෙසම මේ රටේ අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ මහතා යයි සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ද අනුරපුර සන්ධාන මංගල රැළිය අමතමින් කියා සිටියේය.
තමන් සන්ධාන මහ ලේකම්වරයා ලෙස වගකීමෙන් මෙය ප‍්‍රකාශ කරන බවද කී ඔහු, සන්ධානය දිනවා මහින්ද අගමැති කරවන සටනට පණ දුන් දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල පිරිසට ස්තුතියද පල කලේය.
කුරුණෑගල දිස්ත්‍රීක් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැළියට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය දරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී නොවිය.
ඔහු ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය සඳහා කටයුතු කළ අයෙකි.
මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන රැස්වීම් වලට නොයාමට තමා ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් නිසා තමා ඊට සහභාගී නොවූ බව ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.
එහෙත්, මෙම රැළියට සහභාගි වන ලෙස තම පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කල බව ඔහු කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියේ වේදිකාව අසල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකදු ඡායාරුපයක් හෝ ප්‍රදර්ශනය කර නොතිබිණ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගිය අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා දෝෂ දර්ශනයට ලක් කළ අතර ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මැතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සිය සහයෝගය හිමි නොවන බවයි.
Related