අයි. එස්. සටන්කරුවකු බව කියන ලාංකිකයාගේ වීඩියෝව මෙන්න

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මියගිය ශ්‍රී ලාංකිකයා ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආ...



අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමඟ එක්ව සටන් වැදී මියගිය ශ්‍රී ලාංකිකයා ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති බව වාර්තා වනවා. සිරියාවේදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසුගිය සතියේදී මෙම ශ්‍රී ලාංකිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ වාර්තා වී තිබූ අතර, ඔහුව අයි.එස්. සටන්කාමීන් හඳුන්වා තිබුණේ අබු සයිලානි යන නමින්. 37 හැවිරිදි මොහුගේ උපන්ගම මහනුවර - වැරැල්ලගම වන අතර ඔහුගේ බිරිඳගේ පදිංචිය කොළඹයි. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන කාලයේ මොහු මූස්ලි ලිලම්දන් යන නාමය භාවිත කර තිබෙනවා. 2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බවයි මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු  කියා සිටියේ.

අයි. එස්. සටන්කරුවකු බව කියන ලාංකිකයාගේ වීඩියෝව
අයි. එස්. සටන්කරුවකු බව කියන ලාංකිකයාගේ වීඩියෝව
Posted by SathHanda on Monday, 20 July 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8078221193599323138

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item