මැතිවරණය නොඑනබව ගෝඨා කියයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට යෝජනා රාශියක් ලැබුණද තමා මෙවර මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීරණය කළබවත් එසේ උවද රට ජාතිය වෙනුවෙන් ස...


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට යෝජනා රාශියක් ලැබුණද තමා මෙවර මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීරණය කළබවත් එසේ උවද රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට කැපවන බව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයක් කරමින් ගෝඨාභය මහතා මේබව ප්‍රකාශකර තිබේ. එම ප්‍රකාශය පහත පරිදිය

ත්‍රස්තවාදය පරාජය කිරීම හා රට සංවර්ධනය කිරීම සඳහා දැක්වූ දායකත්වය මෙන්ම, මින් ඉදිරියටත් මා උපන් දේශයට සහ සහෝදර ජනතාවට සේවය කිරීමට ඇති කැපවීම නැවත සහතික කරනු කැමැත්තෙමි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට යෝජනා රාශියක් ලැබුනද, මා ඉදිරි මැතිවරණය සඳහා තරඟ නොකිරීමට තීරණය කර ඇත්තෙමි. නමුදු, අනාගතයේදීත් රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට මා ඇප කැප වෙමි. රටේ සංවර්ධනයට සමගාමීව, අප ජීවිත පරිත්‍යාගයෙන් දිනූ ඒකීය භාවය ආරක්ෂා කිරීමේ නොනවතින අරගලයක් අප ඉදිරියේ ඇත. අදීන හා නිවහල් ජාතියක් සේ නැගී සිටීමටත්, දියුණු දේශයක් හා සුහදශීලි සමාජයක් ගොඩනැගීමටත් අපට ඇති කාර්ය භාරය ඉටු කිරීමට අපි සැවොම අත් වැල් බැඳ ගමු





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4071349001251304773

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item