යහපාලන පෙරමුණ "අලියා' පිට නැගි ?
මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායකවූ ශ්‍රීලනිපයේ හා ජාතික හෙළ උරුමයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාති...

https://www.sathhanda.com/2015/07/blog-post_47.html
නම සදහන් කිරීමට අකමැතිවූ ශ්‍රීලනිප ඇමතිවරයෙකු පැවසුවේ ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය රැක ගැනීමට එක පෙරමුණක් ලෙස තරගකිරීමේ අවශ්‍යතාවය මත මෙම සාකච්ඡා සිදුවන බවයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය එකගතාවයක් ඇතිවුවහොත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන් වුවද තරග කිරීමට තම කණ්ඩායම සුදානම් බව ඔහු පැවසිය.
නව තත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයද තම නාමයෝජනා පත්‍ර බාරදීම සදුදා දින දක්වා කල්දැමීමට තීරණය කර තිබේ.
මෙම අමාත්‍යවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදී තිබුනත් ඔවුන් තවමත් එයට අත්සන් තබා නොමැත.
නව තත්වය යටතේ, මෛත්‍රීවාදී ශ්‍රීලනිප ප්‍රබලයින් 20 දෙනෙකු හා හෙළ උරුමයේ ප්‍රබලයින් පිරිසක් එක්සත් ජාතික ජාතික පක්ෂය සමග එක්වී මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත..
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම නියෝජිතයින් අද රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
එහිදී ගනු ලබන තීන්දු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල් පිටියේ හෙට පැවැත්වෙන එම පක්ෂයේ විශේෂ ජාතික සම්මේලනයෙදී අනුමත කර ගැනීමට ද නියමිතය.
Related