දුමින්ද කලා වැවට බසී
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපත...

https://www.sathhanda.com/2015/07/blog-post_546.html
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.
මීට පෙර කලා වැව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධාකවරයා වූයේ දුමින්ද දිසානායක මහතාගේ පියා වූ දිවංගත අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.
ඔහුගේ අභාවයෙන් දින කිහිපයකට පසුව එම සංවිධායක ධූරය හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍ර සේන මහතාට ලබා දීමෙන් පසුව හිත් අමනාපකම් සාදා ගත් දුමින්ද දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.
උතුරුමැද ප්‍රධාන අමාත්‍ය ධුරය බර්ටි ප්‍රේමලාල් ට නොදී අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේනගේ සොයුරාට දීම සම්බන්ධව එවකට යම් ආරවුල් කාරී තත්වයක් පැනනැඟී තිබුණු අතර, බර්ටි ප්‍රේමලාල් මහතාගේ අභාවයෙන් පසුව කළකිරීමෙන් සිටි දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජනාධිපතිවරනය උදෙසා එක්සත් ජතනා නිදහස් සන්ධානයෙන් පිටතට පැමිණි පළමු පිරිසට එක් විය.
පසුගිය පැය කිහිපය තුළ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කණ්ඩායම තුළ දුමින්ද දිසානායක මහතාද සිටිය අතර ඔහුව වළකාලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත.
ඒ දුමින්ද දිසානායක ඇතිකිරීමට යන නව සන්ධානය සමග එක් වූවහොත් ඒත් සමහ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වී යා හැකි නිසාය.
Related