ජෝන්ගේ දේශපාලන ඇගිලිගැසීම් නිසා පොලිස්පති කනස්සල්ලෙන්

විශ්‍රාම ගොස් සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතාට සේවා දිගුවක් ලබා දීමට නීතිය හා මහජන සාමය අමාත්‍යාවරයා කැබිනට් අනුමැතියක් ලබා ගැ...

විශ්‍රාම ගොස් සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතාට සේවා දිගුවක් ලබා දීමට නීතිය හා මහජන සාමය අමාත්‍යාවරයා කැබිනට් අනුමැතියක් ලබා ගැනීම පොලිස්පතිවරයාගේ කනස්සල්ලට හේතුවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඉන්දු කරුණාරත්න මහතාට එරෙහිව පැමිණිලි රාශියක් තිබියදී මෙසේ නැවත සේවයට කැඳවීම පොලිස්පති වරයාගේ කනස්සල්ලට හේතුවී ඇතැයි පැවසේ.

ඉන්දු කරුණාරත්න මහතාට සේවා දිගුව ලබා දීමට ප්‍රමාද වූ හෙයින් ඔහු කල ඉල්ලීම කට අනුව සේවා දිගුව ලබා දෙන බව නීතිය හා මහජන සාමය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න මහතා විශ්‍රාම ගියේ 2015 පෙබරවාරි 17 වෙනිදා ය.

විශ්‍රාම යා යුතු උසස් නිලධාරීන් විශ්‍රාම යෑමට ඉඩ නොදී සේවා දිගු ලබා දීම නිසා ඊට පහලින් සිටින නිලධාරීන් විශාල පිරිසකට උසස් වීම් නොලබා විශ්‍රාම යෑමට සිදුවී තිබේ.

එසේම, රජයේ සේවකයෙකුගේ විශ්‍රාම වැටුප හැදෙන්නේ තමන් අවසන් වරට දැරූ නිලය අනුව හෙයින්, මෙසේ නිසි අවස්ථාව අහිමිවන පහල නිලධාරීන්ට තම විශ්‍රාම කාලය තුලද බලවත් අසාධාරණයක් සිදුවේ.

පසුගියදා මෙවැනි සේවා දිගුවක් නිසා අසාධාරණයට ලක්වූ නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩී.එන් ගුණවර්ධන මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියද පූජිත ජයසූන්දර සහ ලතීෆ් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ද මෙවැනි සිදුවීම් වලින් බලවත් අසාධාරණයකට ලක්ව සිටිති.

සබැඳි පුවත් : ජෝන් මාස 5කට කලින් විශ්‍රාම ගිය කෙනක්ගේ සේවය දිගු කරයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1186109991199203272

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item