ෆොන්සේකාගේ කලාවැව සංවිධායක ඉල්ලා අස්වෙයි

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ කලාවැව ආසන සංවිධායක ධුරයෙන් ලලිත් කරුණාරත්න මහතා ඉල්ලා අස් වී තිබේ. ප්‍රජා...

සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ කලාවැව ආසන සංවිධායක ධුරයෙන් ලලිත් කරුණාරත්න මහතා ඉල්ලා අස් වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රැස්වීම් වලට සෙනග නොපැමිණීම නිසා ෆොන්සේකා මහතා දරුණු ලෙස සවිධායකයින්ටබැනවදීමත් පක්ෂය මෙවර දරුණු පරාජයක් ලබන බව පසක්වීමත් මෙයට අසන්න හේතු බව අප වෙත වාර්තා වේ.

එමෙන්ම, කරැණාරත්න මහතා පක්‍ෂ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ රාජපක්ෂ මහතාගේ පාලනය පවුල් බලයට මුල්තැන දී තිබූ බව පැවසුවද ෆොන්සේකා මහතාද පවුල් බලයට මුල්තැන දෙන්නෙකු බව මෙවර නාම යෝජනා ලබාදීමේදී පැහැදිලි වන බවයි. පක්‍ෂයේ නාම යෝජනා අතර බිරි`ද ගම්පහින්ද බෑණා කොළඹින්ද මැතිවරණයට ඉදිරිපත් කරමින් ඔහු මෙය වඩාත් ඔප්පු කර ඇති බව පවසන කරුණාරත්න මහතා රට ගැන නොසිතන පුද්ගලික අරමුණු මුල්කරගෙන දේශපාලන තීන්දු තීරණ ගන්නා නායකයින් සිටින පක්ෂයකට ඉදිරියට යෑමට හැකියාවක් නැතැයිද වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් : රැස්වීම් වලට සෙනග නෑ - ෆොන්සේකාගෙන් සංවිධායකයින්ට කුණු බැනුම්




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1674661467050213810

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item