දිවුලපිටිය හිටපු සභාපතිගේ රථයේ ගැටී දෙදෙනෙකු මරුට

මීගමුව දිවුලපිටිය මාර්ගයේ කදිරාන හන්දිය අසල දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කදිරානේ සි...

මීගමුව දිවුලපිටිය මාර්ගයේ කදිරාන හන්දිය අසල දී ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. කදිරානේ සිට රුක්කත්තනගස් හන්දිය දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට මුහුණ පෑවා. 

ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකු සහ 55 හැවිරිදි වියේ පුද්ගලයෙක්. අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනතුරට ලක්වු ඩිෆෙන්ඩර් රථය දිවුලපිටිය ප‍්‍රාදේශිය සභා සභාපතිවරයාට අයිති එකක් බවයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 894819818487170375

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item