නිදහස් වෙබ් අඩවි තුල සදාචාරත්මක දත්ත බාවිතය?

පසුගිය 21 වැනිදා කොලඹ ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී තරුනියක් විසින් සීයා කෙනෙකුට රුපියල් 500ක් දීම අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත. කතා...



පසුගිය 21 වැනිදා කොලඹ ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී තරුනියක් විසින් සීයා කෙනෙකුට රුපියල් 500ක් දීම අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත. කතාවේ සුලමුල අනුව ඒ සිදුකරනු ලැබූ මුදල් පරිත්‍යාගය ඡායාරුපයක් පලකරන තරුණයාට එය දුටු තරුණිය විසින් ඒ සිදුවීම පිළිබද පවසන අතර කතාව මෙසේය.

එම සීයා ඇය නිතර ටිකට්පත් මිලදී ගන්නා පුද්ගලයා වන අතර ආසන්න දිනකදී සිට ඔහු ටිකට් පත් විකුනන්නේ නොමතිව එම ස්ථානයට පැමිණ ඔහේ බලාගෙන සිටී. ඒ පිළිබඳව කරුනු විමසන තරුණියට සීයා පවසන්නේ එම මුදල් සහ ටිකට් පත් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි. පොලිසියට පැවසූ නමුත් මුදල් නොලැබෙන අතර ඒ නිසා සුපුරුදු රස්සාව කරගැනීමට මුදල් නොමැති බවයි. ඒ සදහා කොපමන මුදලක් අවශ්‍යදැයි අසා ඒ සදහා අවශ්‍ය 2500 වෙනුවට තම අත තිබෙන 1500ක් ලබා දෙනු ලැබීමයි.

මේ ඡායාරූපය අන්තිම දවස් කිහිපය තුල අතිශයින් ජනප්‍රිය වුනු කතාවක්. මුල් දවස් වල අති වේගයෙන් ජනප්‍රිය වුනු කතාවෙන් ඒ තරමට එතරම් ලොකු හැගීමක් අති නොවුනේ මේ ම්තුරිය අතිශයින් සාමාන්‍ය, මගේ තවත් මිතුරියක් වීම නිසා විය යුතුයි. තවමත් දිනපතා විවිධ පුද්ගලයන්, විවිධ වෙබ් අඩවි තවමත් ප්‍රප්‍රචාරයට පත් වෙමින් පවති. ෆේස්බුක් හි අතිශයින් ජනප්‍රිය වුනු කතාවටත් එහි තුල තියෙන අතිශයින් මානුෂික භාවය සැලකුවිට, කතාව තුල තියෙන "මනුස්සකම" මහත් ඉහලින් උලුප්පා දැක්වීම ප්‍රශංසනීයි. මොකද ඇත්තටම අපි ප්‍රර්ථනා කරන ආදරණීය ලෝකය ලස්සන වෙන්න මේ වගේ දේවල් නිතර සිදුවිය යුතු නිසා.

මේ සිදුවීම අතිශයින් අහඹු, කිසිම ප්‍රසිද්ධියක් බලපොරොත්තුවෙන් කල දෙයක් නෙවෙයි. ඒත් අහම්ඹෙන් හෝ ඒ කරපු දෙයට සෑහෙන හොද වටිනාකමක් ලැබුනා. කිසිම සංකීර්ණ බලාපොරොත්තුවක් නැතිව සාමාන්‍ය උපකාරයක් විදියට කරපු උපකාරයට ලැබුනු ප්‍රතිචාර ඇයට එතරම් අනවශ්‍යයි සහ ඒ අහඹු සිදුවීම ඇයට කොතරම් පීඩාකාරී ද කියල තෙරුනේ ඇය අතිශයින් සාමාන්‍ය වීම, මේ සිදුවන ප්‍රචාරයත් සමග සාමාන්‍ය නොවිය යුතු යැයි හැගුන නිසා ඇයගෙන් මෙ සිද්ධියට අදාලව තොරතුරු ටිකක් ලබාගන්න ඇය ඇමතු වෙලවේ බොහොම කේන්තියෙන් ඒ දේ ඇය ප්‍රතික්ෂේප කලා.

"ඒ උදව්ව මං කලේ කිසිම ප්‍රසිද්ධියක් බලාගෙන නෙවේ. ඒත් දැන් ඒකේ තියෙන ප්‍රසිද්ධිය හින්දා තියෙන්නේ බොහොම කරදරයක්, මං මගේ ෆේස්බුක් account එක deactivate කලා.
පුලුවන් නම් අර සීය ගැන හොයල මොනව හරි දානව. එකෙන් ඒ මනුස්සයට කාගෙන් හරි උදව්වක් හරි හම්බවෙයි"

හිතවත්කමට කතා කරල අහපු ප්‍රශ්නයට දක්වන ප්‍රතිචාරය, අතිශයින් කෙන්තිගන්වන සුලුයි. නමුත් ඒ කාරනාව ගැන මෙහෙමත් හිතන්න හිතුනා. ඒ දේ ඇයට ඇගේ සිතුම් පැතුම් අනුව කරදරයක් වීම ඇගේ රුචි අරුචි කම් අනුව තීරනය වීමට කිසිවක් කිව නොහැක. උපකාර කරන මිනිසුන්ද, උපකාරකොට ජනප්‍රියත්වය බාලාපොරොත්තුවන වුන්ද සිටිය හැක මේ කාරනා දෙකම කම් නැත. මන්ද යත් අපි ගැවසෙන සමාජය අසික්කිත වැඩ කොට ජනප්‍රියත්වය ප්‍රර්ථනා කරන වුන්ගෙන් ගහන වීම නිසාය.

වර්ථමාන තත්වය අනුව, සමාජ ජාලයට එක් කල තැනත්ත එය වාර්ථා කොට තිබූ ආකරයද කිසිදු බලපැමක් නොවන ලෙස වීම හා ධනාතමක ආකාරයෙන් වීම සාධණීයය.

වර්ථාමානික ධණාත්මක වාර්ථාකරනයක් හා ධණාත්මක ප්‍රතිචාර හමුවේ ඇතිවන මානසික පීඩනය එතරම් නොසැලකිය යුතු වුවත්, පෙර කරුණ වෙනත් අයුරකින් වාර්ථාවී නම් හෝ එයින් ඇයට අතිශයින් සෘණාත්මක ප්‍රතිරූපයක් වාර්තා කලේ වී නම් එ වාර්තා කරන්නා විසින් ඇයට වන මානසික පීඩනයන් සහ එහිදී සිදුවන සියලු ව්යාකූල තත්වයන් සම්බන්ද වගකීම ගන්නේ කවුද යන්නයි.

අතිශයින් විවෘත වූ රාමුවක හැසිරීම් නිශ්චිත කොට ඇති සමාජ ජාල වෙබ්අඩවිතුල, ඒ සියලු සිදුකරන හැසිරීම් සම්බන්ධ ඒ වෙබ් අඩවි තුල වන්නා වු මාර්ගෝපදෙශයන් පිලිපදින්නේ දැයි සිතා බැලියයිතු කාලය එලඹ ඇත.

අහම්බෙන් ගනු ලබන ඡායාරූප සම්බන්ධයෙන් අදාල පුද්ගලික අවසරය ගැනීම සේම, යොදාගන්නා කරුනු ඒ මගින් පුද්ගලිකත්වයට වන බලපෑම් සම්බන්දයෙන් සිතන්නට සහ ස්වයං වාරණයක් පනවා ගන්නට කාලය එලඹ ඇත.තවත් අතෙකට එසේ අහම්බෙන් ගැහැනු ලමයෙකුගෙ ඡායරූප ගැනීම සම්බන්දව සිදුවිය හැකි අශිෂ්ඨ භාවිතාවන් ගැන උදාහරන සැපයීම අමුතුවෙන් කිව යුතු නොවේ, හා විය හැකි ව්‍යසනයනකට පෙර ඒ ගැන සිතන්නට ඇරයුම් කරමි.

තවද මනුෂ්‍යත්වයේඋපකාරයක් වෙනුවෙන් ප්‍රශංසා හා ජනප්‍රියත්වය කෙරෙහි රුචි කම් නොදැක්වීම හෙතු කොට ගෙන මානසිකව පීඩනයට පත්වීම පසෙකලා නැවත අතිශයින් සාමාන්‍ය ලෙස නැවත ෆේස්බුක් තුලට පැමින සිත් සේ කාලය ගත කරන්නට ඇරයුම් කරන්නා සේම ඇයට එලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.


චරිත් උදාන සිල්වා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පාඨක පිටුව 2336235658302886784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item