දමිළයෙකු රජ කල මේ භූමියේ අපට තවදුරටත් වහලුන් ලෙස ජීවත්වීමට නොහැකිය!
දමිළයෙකු රජ කල භූමියේ අපට තවදුරටත් වහලුන් ලෙස ජීවත්වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් ප්‍රකාශ ක...
https://www.sathhanda.com/2015/07/blog-post_540.html
දමිළයෙකු රජ කල භූමියේ අපට තවදුරටත් වහලුන් ලෙස ජීවත්වීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
කිරාන් වැඩිහිටි සංගමයේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී කතාකල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
“එක් කාලයක දමිළයෙකු විසින් රජ කල රටේ අප වහලුන් බවට පත්කර ඇත. එබැවින්, අප සඳහා වන පූර්ණ නිදහස ලැබිය යුතුය. දේශපාලන අයිතිය ලැබිය යුතුය. ඒ වෙනුවෙන් අහිංසක දෙමළ ජනතාව ලක්‍ෂයකට වැඩි පිරිසක් තම ජීවිත පරිත්‍යාග කර ඇත.
ඔවුන් කුමන අරමුණක් වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කලාද? එය ඉටුකර ගැනීම වෙනුවෙන් අප විරුද්ධ පාර්ශවයේ ඉදිමින් අඛණ්ඩව හඬ නගන්නෙමු. අපට හැකි අන්දමින් කටයුතු කරමින් සිටින්නෙමු. අප සිතුවානම්, වත්මන් රජය සමග සම්බන්ධ වී අමාත්‍යධූර ලබාගෙන, සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට තිබුණි. නමුත්, අප එම තත්වයට පත්නොවුනෙමු.
අප අමාත්‍යධුර ලබාගෙන තිබුණානම්, මටත් වාලච්චේන ප්‍රදේශයේ කෝටිපතියෙකු ලෙස ජීවත්වීමට තිබුණි. නමුත්, මා එයට සූදානම් නොමැත. ජනතාව මට ඡන්දය ලබාදුන්නේ, මාගේ පවුලේ සාමාජිකයින්ට හෝ මට සුඛෝපභෝගිව ජීවත්වීමට නොවේ. අපගේ ඥාතීන් මෙම භූමියේදී තම ජීවිත පරිත්‍යාග කලේ කුමක් සඳහාද? එය ඉටුකර ගැනීමට මා කැපවී කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය මත ජනතාව මට ඡන්දය ලබාදෙන ලදි.
එය ආරක්‍ෂා කරගැනීමට මා එදා සිට මේ දක්වා හඬ නගමින් සිටින්නෙමි. වර්ෂයකට ලක්‍ෂ 50 ක මුදලක් අපට ලබාදෙන්නෙමු. එම මුදල් ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට බෙදාදිය යුතුය” යනුවෙන් සී.යෝගේෂ්වරන් ප්‍රකාශ කර ඇත.


Related