කිලිනොච්චියේදී අතුරුදහන් වූ දැරියගේ බවට සැක කෙරෙන සිරුරක කොටස් සොයාගැනේ
පසුගිය ජුනි 21 වන දා කිලිනොච්චි - උරුත්තිපුරම් ප්‍රදේශයේ දී අතුරුදන් වූ බවට වාර්තා වුණු දැරියගේ බවට සැක කෙරෙන සිරුරක කොටස් එම ප්‍රදේශයේම වෙ...
https://www.sathhanda.com/2015/07/blog-post_550.html
පසුගිය ජුනි 21 වන දා කිලිනොච්චි - උරුත්තිපුරම් ප්‍රදේශයේ දී අතුරුදන් වූ බවට වාර්තා වුණු දැරියගේ බවට සැක කෙරෙන සිරුරක කොටස් එම ප්‍රදේශයේම වෙල්යායක තිබී අද (19) සොයා ගත් බව කිලිනොච්චි පොලීසිය ප්‍රකාශ කළා. ඒ, ඔවුන් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.
තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා නැමති මෙම දැරිය අතුරුදන් වන්නේ මව සමඟ දිය නෑමට ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ගිය අවස්ථාවේදියි. මව, යර්ෂිකා දැරිය එහි ඉවුරේ ගලක් මත තබා දියනා අවසන් වී ආපසු එන විට දැරිය අතුරුදන්ව සිටි බවයි මවගේ ප්‍රකාශය අනුව පළමුව වාර්තා වුණේ. ඒ අනුව දැරිය සෙවීම සඳහා පොලිසිය ආරක්ෂක හමුදාවන්ගේ ද සහය ඇතිව අදාළ ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එසේම දැරිය රටින් පිටකිරීමට උත්සාහයක් ක්‍රියාත්මක වුවහොත් එය වැළැක්වීම සඳහා ගුවන්තොටුපල බලධාරින්ට ද දැරියගේ ඡායාරූප ලබාදීමට පොලීසිය පියවර ගත්තා.
කෙසේ වෙතත්, පසුව මව පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකළ අතර, ඇය පවසා තිබුණේ දැරිය තම අනියම් සැමියාට ලබාදුන් බවයි. ඒ අනුව මව සිදුකළ ප්‍රකාශයකට අනුව දැරිය සොයා පොලිස් කණ්ඩායමක් යාපනය බලා පිටත්ව ගියත් ඇය හමුවුණේ නැහැ.



Related