වතු කම්කරුවන් අද සිට සෙමින් වැඩ

දිවයින පුරා තේ වතු ආශ්‍රීතව වැඩකරන කම්කරුවන් අද(06) සිට සෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දැනට වතු කම්කර...



වතු කම්කරුවන් අද සිට සෙමින් වැඩදිවයින පුරා තේ වතු ආශ්‍රීතව වැඩකරන කම්කරුවන් අද(06) සිට සෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

දැනට වතු කම්කරුවෙකුට දෛනිකව රුපියල් 485ක වැටුපක් හිමිවන අතර, එය රුපියල් 1000ක් දක්වා වැඩි කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මීට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා පැවති අතර, ඒවා විසඳුමකින් තොරව අවසන්වි ඇත.

මේ නිසා අඛන්ඩව සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඒ.පී. ශක්තිවේල් සඳහන් කළේ.

කෙසේ වෙතත් ලංකා ජාතික වතු කම්කරු සංගමය සඳහන් කළේ ආරම්භ කර ඇති මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන වාසි තකා ක්‍රියාත්මක කරන බවයි.

දිනකට තේ දළු නෙලන්නියක් අමු තේ දළු කිලෝ 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් නෙළිය යුතු අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තේ දළු කිලෝ 5 ක් පමණක් නෙළීම සිදුකරන බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5911235689759355864

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item