අකුරැස්සේ සිද්ධියට මැදි වූ පුද්ගලයා කතා කරයි, ඔහුගේ කතාව කියවන්න

‘මහින්ද මහත්තයා රැස්වීමේ වේදිකාව දෙසට යන විට මගේ පිටුපසින් සිටි බීමත් පුද්ගලයෙකු ඔහුගේ අතින් ඇල්ලූවා.ඔහු එසේ කළේ මගේ කිහිල්ල යටින් අත දාල...

‘මහින්ද මහත්තයා රැස්වීමේ වේදිකාව දෙසට යන විට මගේ පිටුපසින් සිටි බීමත් පුද්ගලයෙකු ඔහුගේ අතින් ඇල්ලූවා.ඔහු එසේ කළේ මගේ කිහිල්ල යටින් අත දාලයි.ඒ සමගම දැඩි මහින්ද මහත්තයාගේ අත තෙරපීමක් ආවා.එවිට නොහැර තෙරපීමට පිටුපසින් සිටි පුද්ගලයා අසුවුණා.එවිට මහින්ද මහත්තයා තමන්ගේ අත ඇදලා ගත්තා’යැයි අකුරැස්ස නගරයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලියේදී ඇතිවූ සිද්ධිය පිළිබදව අදහස් දැක්වූ තෙලිජ්ජවිල වෙළදගොඩ ග‍්‍රාමනිලධාරී ඩබ්ලිව්.විජේසිංහ මහතා (43) පැවසීය.

මේ සිද්ධිය පිළිබදව විකාශය වී ඇති වීඩියෝ දර්ශන හා ඡයාරූපවලට අනුව බොහෝ දෙනෙකු සිතාගෙන සිටින්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අල්ලා ගෙන සිටින්නේ තමා බව යැයි කී විජේසිංහ මහතා මේ නිසා සිද්ධිය පිළිබදව තොරතුරු විමසා තමාගේ ජංගම දුරකථනයට දේශීය සහ විදේශීය ඇමතුම් ගලාගෙන ඒමට පටන් ගෙන ඇතැයි කීය.

ඊට අමතරව පොලීසිය හා රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවන් ද ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇත.

ඉකුත් 21 වැනිදා අකුරැස්ස නගරයේ පැවැති සන්ධාන රැලියේදී ඇතිවූ සිද්ධිය පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ විජේසිංහ මහතා මෙසේ ද කීය.

මම යතුරු පැදියට ඉන්ධන ගන්න අකුරැස්ස නගරයේ ඉන්ධන පිරවුම්හලට ගියා.එදා මගේ නිවාඩු දවස.එවිට විශාල වර්ශාවක් කඩාගෙන වැටුණා.සුළු වේලාවකදී මහින්ද මහත්තයා එන බවට ආරංචි වූ නිසා ඔහු සියසින් දැක බලා ගන්න මට හිතුණා.මා සිටි තැන විශාල සෙනගක් හිටියා.

ඒ සමගම මහින්ද මහත්තයා වේදිකාව දෙසට යන්න ආවා.ජනතාව ඔහුගේ අතින් අල්ලා ගෞරව දැක්වූවා.මහින්ද මහත්තයා මා අසලට එනවිට මගේ පිටිපස්සෙන් සිටි බීමත් අයෙකු මගේ කිහිල්ලට යටින් අතදමා මහින්ද මහත්තයාගේ අතින් අල්ලා ගත්තා.මුදු දමා තිබූ ඇගිලි වලින් තමයි ඔහු ඇල්ලූවේ.එවිට විශාල තෙරපීමක් ආවා.මහින්ද මහත්තයා පිටුපසට පැන අත ගලවා ගත්තා.මා ළග සිටි කුමාර මල්ලී ඒ පුද්ගලයාට ගහන්නත් ගියා.එතැනින් සිද්ධිය අවසන් වුණා.

ඊට පසුව මෙය අන්තර්ජාලය ඇතුළු මාධ්‍යවල ප‍්‍රචාරයවුණා.පත්තරවලත් පළවුණා.බොහෝ අය හිතාගෙන ඉන්නේ මම මහින්ද මහත්තයාගේ අතින් අල්ලාගෙන ඉන්නවා කියලයි.මගේ ඡයාරූපයයි එතැන පේන්නේ.මට පාරක බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.හැමෝම අහන්නේ මොකද වුණේ කියලා’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5167205763213667797

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item