ෆොනිටත් බාල්දියක්? ගැස්සුනොත් නාමයෝජනා ප්‍රතික්ෂේපයි?
පවතින දේශපාලන වාතාවරණය තුල තනි තනිව රාජපක්ෂ මහතාව පරාජය කිරීමේ අපහසුව තෙරුම ගෙන ඇති එජාපය හෙළ උරුමය සහ ශ්‍රීලනිප මෛත්‍රී හිතවතුන්ගෙන් සමන්ව...

https://www.sathhanda.com/2015/07/blog-post_582.html
රාජපක්ෂ මහතා ට කුරුණෑගලින් තරග කිරීමට සුදුසු පුද්ගයයෙකු සොයා ගැනීමට ඇති අපහසුව හේතුවන් එජාප ප්‍රමුක සන්ධානයේ අරමුණ වී ඇත්තේ ෆොන්සේකා මහතා කුරුණෑගලින් අලියා ලකුණින් ඉදිරිපත් කිරීමයි.
නමුත් නීතිමය ගැටළුවක් පැන නැගී ඇත්තේ ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නේ කෙසේද කියා ය.
ඉල්ලා අස්කර ගැනීම ගැන සඳහන් වන්නේ මැතිවරණ පණතේ 115 වගන්තිය අනුව නමුත් එහිදී නාම යෝජනාවක් දුන් පුද්ගලයාට හෝ පක්ෂයට හෝ නාම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට ප්‍රතිපාදනයක් සලසා නැත. අයෙක් පවසන්නේ ප්‍රතිපාදනයක් සලසා නැතිනම් ඉල්ලා අස්කර ගත හැකිය යන්නයි. නමුත් එවැන්නක් අධිකරණයකින් විසඳිය යුත්තකි. තවත් අයෙක් පවසන්නේ නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි කාලයේදී ලැයිස්තුවේ සියළු අපේක්ෂකයන් ඉල්ලා අස්වන බවට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කර මෙම නාම යෝජනාව ප්‍රතික්ෂේප කරවා ගත හැකි බවයි. ෆොන්සේකා නිසා ඉතිරි සියළු දෙනාම ඉල්ලා අස්වේදැයි දන්නේ නැත. කෙසේ වෙතත් මෙය නීතිමය ගැටළුවකි.
අනෙක් නීතිමය ගැටළුව මෙසේය. ෆොන්සේකා මහතාගේ මෙම නාම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කොළඹිනි. මෙය ඉල්ලා අස්කර ගැනීමට නොහැකි වුවහොත් ඔහුට කුරුණෑගලින් නාම යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකිය. මන්ද යත් කුරුණෑගලින් ජය ගත්තද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 - 3 වැනි වගන්තිය අනුව මැතිවරණ කොට්ඨාශ දෙකකින් නාම යෝජනා ඉදිරිපත් කර තිබුනහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමට නුසුදුසු වන බැවිනි
Related