යහපලනයේ කුණුවෙන කොළඹ
පාවෙන වෙළෙඳපළ වේලෙනවා රාත්‍රියට ගණිකා මඩමක් කුඩු තිප්පොලක් හරස් වීදි යළිත් පේව්මන්ට් වෙළෙන්දන් අතේ හැඩ වෙමින් තිබුණු පිටකොටුව ආයෙම...

https://www.sathhanda.com/2015/07/blog-post_850.html
- පාවෙන වෙළෙඳපළ වේලෙනවා
- රාත්‍රියට ගණිකා මඩමක් කුඩු තිප්පොලක්
- හරස් වීදි යළිත් පේව්මන්ට් වෙළෙන්දන් අතේ
හැඩ වෙමින් තිබුණු පිටකොටුව ආයෙමත් කැත වෙලාය. තැන, තැන කුණු ගොඩවල්ය. කුණු වතුරවලින් කාණු පිරී ගොස්‌ය. ඒ මතින් වහනය වන දුගඳට බඩේ තියෙන කෑම එළියට එන තරම්ය. අමුතුම පිළී ගඳකි. නාසය අත්ලෙන් මිරිකාගෙන හෝ දුගඳ දරාගත්තද, පිටකොටුවට සිදුව ඇති විපත්තිය පෙනෙන විට නම් හදවත කම්පනයට පත්වන්නේය. පදිකයෙන් විසි වෙච්ච වෙළෙඳ ලෑල්ල නැවතත් පිටකොටුව විදි දිගට වැටී ඇත. වීදි දිගේ යන මිනිසුන්ට නැවතත් තට්‌ටු බට්‌ටු වැටෙන්න පටන්ගෙනය. විසිතුරු ගඩොලින් හැඩ වැඩ වූ පේව්මන්ට එක දිගටත් කුණු රොඩුය. ආයෙමත් කොළඹ නරගය ආපයට වැටෙන මාවත එළිපෙහෙළි වෙමින් තිබෙන්නේය.
කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුය. පසුගිය රජය කොළඹ සෑම දිය පහරක්‌ම ප්‍රතිසංස්‌කරණය කර, ඒ අවට හරිතවන් අසිරිමත් පරිසර පද්ධතීන් බවට පත් කළේය. පෞරාණික ගොඩනැඟිලි ඒ ආකාරයෙන්ම නැවත ප්‍රතිසංස්‌කරණය කරමින් සුපිරි වෙළෙඳ සංකීර්ණ බවට පත් කෙරිණි. මං මාවත් පුළුල් කර කාපට් අතුරමින්, මග දෙපස පාට ගඩොලින් හැඩ කෙරිණි. පිටකොටුව අපායක් කළ මාළු කඩේ ඉවත් කර ඒ මත සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිවිණි. දැන් ඒ ඉසව්ව බලන්න ලස්‌සනය. කොළඹ විදි දිගේ අරියාදුවට ඉනි හිටෙව්වා සේ ඉදිකර තිබූ පෙට්‌ටි කඩ ඉවත් කෙරිණි. කන්කරච්චලේට තිත තබා පදික වෙළෙ¹ම එක්‌තැන් කෙරිණි. බස්‌තියන් මාවත දිගේ හොර රහසේ ගැලූ බේරේ වැව මතු කර සුන්දර පොකුණක් බවට පත් කෙරිණි. පොකුණ මත සුපිරි හෝටලයක්, පාවෙන වෙළෙඳසල් සහ සුපිරි කඩ සාප්පු සංකීර්ණයක් නිර්මාණය විය. කොළඹ දහජරාව පිරුණු බේරේ හංස බෝට්‌ටු පැද යා හැකි තරමට ජල කඳ පිරිසිදු විය. බස්‌තියන් මාවතේ කඩ පිල් දිගේ නාස් පුඩු තද කරගෙන අඩියට දෙකට පැන ගිය මිනිස්‌සු පාවෙන වෙළෙඳපොළේ සිරි අසිරිය විඳින්නට බේරේ වැවේ ඉස්‌මත්තට පැමිණියේය. පදික ලෑල්ල අතුරුදන් වූ පේව්මන්ට් එක දිගේ මිනිසුන් නිදහසේ ඇවිද ගියේය. මග දෙපස වෛවර්ණ ගඩොලින් හැඩ විණි. විසිතුරු ගහකොළවලින් හරිතවත් විය. පිළිවෙළ එක විය. අපිළිවෙළට සමාවක් නැති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ සීග්‍රයෙන් දියුණු වන සංචාරක නගරය කොළඹ බව ජාත්‍යන්තර ඇගයීමට පවා බඳුන් විය. මාස්‌ටර් කාඩ් ආයතනය මගින් සිදු කරන ලද සමීක්‍ෂණයක් මගින් එසේ ඇගයුමට ලක් වූ කොළඹ පසුගිය වසර හයක සංවර්ධන දත්ත සැලකිල්ලට ගෙන තිබිණි. එකී ජයග්‍රහණයට විශේෂ හේතුව වී ඇත්තේ කොළඹ නගරය පුරා ඉඳිවී තිබෙන තට්‌ටු ගොඩනැඟිලි හෝ කොන්ක්‍රීට් පුරවරය නොවේ. උද්‍යාන අලංකරණය, සුපිරිසිදු බව, නිදහස් වටපිටාව, පුළුල් දර්ශන තල ගොඩනැගීම සහ කොළඹ නගරය තුළ සහ ඒ ආශ්‍රිත ඇළ වේලී සංවර්ධනය කිරීමය. එහි ගෞරවය හිමි විය යුත්තේ මෛත්‍රී පාලනයවත්, රාජපක්‍ෂ ආණ්‌ඩුවවත් නොව, මේ රටටය. ගොඩනඟා ගත් එකී ප්‍රතිරූපය සුරක්‍ෂිත කරගැනීම පවතින රජයේ යුතුකමකි. ඒ මේ රට වෙනුවෙනි.
රටක අගනුවර යනු එරට විනය, පෞරුෂය, සංස්‌කෘතිය රූපවත් වන කේන්ද්‍රස්‌ථානයයි. පසුගිය කාලය පුරා අතිශය වෙහෙස මහන්සියෙන් සහ කැපවීමෙන් රටක් වශයෙන් අපි කොළඹ නගරය එකී ගුණාංගවලින් පෝෂිත කර ගත්තෙමු. ඒ ක්‍රියාවලිය තුළ ඇති දේශපාලනයට වඩා වැඩි බරකින් විමසිය යුත්තේ ජාතිය ඉන් අත් කරගත් ප්‍රතිලාභ පිළිබඳවය. එහි ගැඹුර අශිෂ්ඨ දේශපාලන කෝදුවලින් මනින්නට ගිය විට රටකට අත් වන ඉරණමේ තරම පිටකොටුව බැස්‌ටියන් මාවතේදී අපට පෙනෙන්නේය.
තවමත් අප ඉදිරියේ ඇත්තේ පරිණාමිකව නොදියුණු ගෝත්‍රික ලක්‍ෂණ සහිත අශිෂ්ඨ සමාජයක සොහොන් ලකුණුය.
Related