දෙමළ ජාතිකත්වයට උරදෙන අපේක්‍ෂකයින් ජයග්‍රහණය කරවිය යුතුය‍ ! - සී.ගජේන්ද්‍රකුමාර්

දෙමළ ජනතාවගේ යහපත උදෙසා කැපවීමකින් කටයුතු කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ අපේක්‍ෂකයින්ව දෙමළ ජනතාව විසින් ජයග්‍රහණය කරවිය යුතු බව එක්සත් ලංකා ද...

දෙමළ ජාතික ජනතා පෙරමුණ පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා - සෙ. ගජෙන්ද්‍රන්දෙමළ ජනතාවගේ යහපත උදෙසා කැපවීමකින් කටයුතු කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ අපේක්‍ෂකයින්ව දෙමළ ජනතාව විසින් ජයග්‍රහණය කරවිය යුතු බව එක්සත් ලංකා ද්‍රවිඩ කොංග්‍රස් පක්‍ෂයෙන් ‘පාපැදිය’ සළකුණින් තරඟ කරන වන්නි දිස්ත්‍රික් ප්‍රධාන අපේක්‍ෂක සී.ගජේන්ද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.

පක්‍ෂ ආධාරකරුවන් සමග 19 වන දින පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.“දෙමළ ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරන එකම පක්‍ෂය දෙමළ ජාතික ජනතා පෙරමුණ පමණක් බව කිසිඳු පුද්ගලයෙකුට ප්‍රතික්ෂේප කල නොහැකිය. මැතිවරණ කාලයට ජාතිකත්වය පිළිබඳව කතාකර, ජයග්‍රහණය කල පසු, එය අත්හැර දමා, අනුකූලතා දේශපාලනයකට යන තත්වයක් මේ වනවිට දෙමළ දේශපාලනය තුල දැකගැනීමට ඇත. නමුත්, දෙමළ ජාතික ජනතා පෙරමුණ යන පක්‍ෂය ආරම්භ කලදා සිට මේ දක්වා ප්‍රථිපත්ති වලින් ඉවත් නොවී කටයුතු කරමින් සිටියි.

මෙහි සිටින තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වයක් ලබාදී, අපේක්‍ෂකයින් ලෙස මෙවර මැතිවරණයට තරඟ කිරීමට නියමිත යහපත් නායකත්වයක් යටතේ තරඟ කිරීමට ඇත්තෙමු. එබැවින්, මාතෘ භූමිය, ජාතිකත්වය සහ ස්වයං නිර්ණය අයිතිය ප්‍රථිපත්තියක් ලෙස ගෙන කටයුතු කරන දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතාව විසින් ජයග්‍රහණය කරවා දෙමළ ජාතික දේශපාලනය වෙනසක් ඇතිකල යුතුය” යනුවෙන් සී.ගජේන්ද්‍රකුමාර් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5930638435052057953

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item