උපේක්ෂාට නාම යෝජනා නෑ,
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධාන...
https://www.sathhanda.com/2015/07/blog-post_591.html
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට පැමිණ පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපතිධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.
මෙවර මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රිකයේ පවතින තරග කාරිත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර මෙය බැසිල් රාජපක්ෂගේ විසින් කළ යොජනාවක් අනුව සිදුවේ. ස්වර්ණමාලී මහත්මියගේ ජනප්‍රියත්වය මේ වන විට පිරිහී ඇති නිසාත් ජය ගත හැකි මහින්දවාදී අපේක්ෂකයකු ඒ වෙනුවෙන් ඉදිරිපත් කිරීමත් මෙහි අරමුණ වී තිබේ. මෙහිදි රනතුංග පවුලේ තිදෙනෙකුම සන්ධාන ලැයිස්තුවෙන් තරග කිරීම නිසා තරගකාරිත්වය තවත් දැඩිව පවතී.



Related