නඩත්තු නෑ - බෙල්ලන්විල ඇවිදින මංතීරු සල්ලාලයන්ගේ රජ දහනක්
බෙල්ලන්විල ඇවිදින මංතීරුව මේ වනවිට ජරාවාස වෙමින් පවතින බවට ව්‍යායාම් කටයුතු සඳහා දිනපතා එහි පැමිණෙන ජනතාව පවසති. දැනට මාස 06 ක සිට...
https://www.sathhanda.com/2015/07/blog-post_592.html
බෙල්ලන්විල ඇවිදින මංතීරුව මේ වනවිට ජරාවාස වෙමින් පවතින බවට ව්‍යායාම් කටයුතු සඳහා දිනපතා එහි පැමිණෙන ජනතාව පවසති.
දැනට මාස 06 ක සිට කිසිදු නඩත්තුවකින් හා ආරක්‌ෂාවකින් තොරවීම නිසා මෙම භූමි ප්‍රදේශය රාත්‍රී කාලයට සල්ලාලයන්ගේ රජ දහනක් බවට පත්ව ඇති බවටද ඔවුහු චෝදනා කරති. මෙම මංතීරුවට, සුරතල් සතුන් ගෙන ඒම තහනම් වූවද එම භූමිය පුරාම නිතර දඩාවතේ යන බල්ලන් ගැවසෙන බවත් ආරක්‌ෂක නිලධාරීන් මෙන්ම පොලිසිය නිරතුරු මුර සංචාරයේ නොයෙදෙන බවත් ඔවුහු කියති.
නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්ගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමේදී කියා සිටියේ වහාම මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.


Related