මහින්දගේ රත්රන් සොයා නිවෙසක් වටලයි – ‍පොලිසිය හිස් අතින් ආපසු එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබුණේ යැයි කියමින් රන් භාණ්ඩ ඇතුළු බඩු භාණ්ඩ කිහිපයක් සොයා ඊයේ (09) දහවල් පොලිස් මූල්‍ය අපරාධ වි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබුණේ යැයි කියමින් රන් භාණ්ඩ ඇතුළු බඩු භාණ්ඩ කිහිපයක් සොයා ඊයේ (09) දහවල් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ 07 ටොරින්ටන්හි පිහිටි නිවසක් පරීක්ෂා කර තිබේ. එසේ වුවද ඉන් කිසිදු භාණ්ඩයක් සොයාගැනීමට නොහැකි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිසියට ලද තොරතුරක් මත අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ගෙන නිවස පරීක්ෂා කර ඇති අතර, මෙම නිවස හිටපු ජනාධිපතිවරයාගේ නමට අයත් එකක් බවට මුලදී සැක කර ඇත.

මෙම නිවස මෙසේ පරීක්ෂා කර ඇත්තේ තුන්වැනි වරටය. මීට පෙර දෙවතාවකදීම පොලිසිය මගින් සෝදිසියට ලක් කළද කිසිදු සැකකටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 10 දෙනකු පමණ මෙම වැටලීමට සහභාගි වී ඇති බව ද එම පොලිස් ආරංචි මාර්ග අනාවණරය කළේය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1917868628917784585

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item